‘අයි. ඇන්ඞ් ඩී.’ මේසපන්දු විද්‍යායතනය දෙවැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය හෙට (13 වැනිදා) සහ අනිද්දා (14 වැනිදා) දෙදින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බාලක සහ බාලිකා අංශ දෙකේම අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා එහිදී කේවල තරග පැවැත්වෙන අතර 18 න් පහළ වයස් කාණ්ඩය සඳහා පමණක් යුගල තරග පැවැත්වේ.
දිවයින පුරා පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටිති. එහිදී සෑම වයස් කාණ්ඩයකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් සහ වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.