Last Update  :  2024-05-06 11:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ෆ්ලයින්වීල් පාපැදි ශූරයා ලක්ෂ්මන්

ෆ්ලයින්වීල් පාපැදි ශූරයා ලක්ෂ්මන්

editorial - 2024 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස්) 

ශ්‍රී ලංකාවේ පැරණිතම පාපැදි සංගමය වන වත්තල ෆ්ලයින්වීල් පාපැදි  සංගමයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ද සහයෝගය  ඇතිව හත් වන වරටත් සංවිධානය කල " නිදහස් උදාන සැමරුම් ෆ්ලයින්වීල් ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය "  76 වැනි නිදහස් සමරු දින පෙබරවාරි 04 දා  වත්තල සෙලාන් බැංකු ඉදිරිපිටින් ආරම්භ කෙරුණි.

 ක්‍රීඩා හා යෞවන කටයුතු , සංචාරක හා ඉඩම් අමාත්‍ය,  හරින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැති  කිලෝ මීටර 126.8 ක් දුරැති මෙම පාපැදි සවාරියේ විවෘත තරඟයේදී ලක්ෂ්මන් විජේරත්න ජයග්‍රාහකයා විය. 

ජ්‍යෙෂ්ඨ  තරගයේදී  ටෙරන්ස් වින්ස්ටන් සහ කණිෂ්ඨ තරගයේදී ඉවාන් රූපසිංහ  යන තරගකරුවෝ ජය අත් කර ගත්හ.

ජ්‍යෙෂ්ඨ තරඟයේදී පළමු ,දෙවන, තෙවන , සිව්වන සහ පස්වන  ස්ථාන සඳහා පාපැදියක්   බැගින් හා මුදල් ත්‍යාග පිරිනැමිණ.  කණිෂ්ඨ තරගයේදී මුදල් ත්‍යාග  ලබාදීමටද කටයුතු යොදා තිබිණි..

 

තරග ප්‍රතිඵල මෙසේය 
විවෘත ( වයස අවුරුදු 17ත් 50ත් අතර )

1. ලක්ෂ්මන් විජේරත්න 
2. එස්. පද්ම කුමාර 
3. තරිඳු ලක්ෂිත 
4. චන්දිමාල් ජයසිංහ 
5. චරිදු මධූ
6 නවීන්  පෙරේරා 
7.නිසාන් විමුක්ති 
8. දිල්ෂාන් ගමගේ 
9. රන්දික පෙරේරා 
10. අයි.ටී.කේ. දිසානායක 

 

ජේෂ්ඨ  ( වයස අවුරුදු 50න් ඉහල )
1. ටෙරන්ස් කින්ස්ටන් 
2.එස්. ටී. රෝහිත 
3. සුසන්ත චන්දිමාල්
4. ඇන්තනී ඩයස් 
5. දුමින්ද කුමාර 

කණිෂ්ඨ  ( වයස අවුරුදු 17 න් පහල )
1. ඉවාන් රූපසිංහ 
2. පුවීන් සදෙව් 
3.දහම් ආදිත්‍ය
4.කල්හාර නදුන්ප්‍රිය
5. රමේෂ් ජයනිදු 


 

වමේ සිට දෙවන ස්ථානය - එස්. පද්ම කුමාර,  පලමු ස්ථානය- ලක්ෂ්මන් විජේරත්න,  තෙවන ස්ථානය – තරිඳ ලක්ෂිත හිමි කර ගත් තරගකරුවන් පිලිවෙලින් රු 150000, රු 100000, රු75000 බැගින්වූ මුදල් ත්‍යාග කුසලාන හා සහතික පත් අතැතිව
 


ජේෂ්ඨ  අංශයේ ජයග්‍රාහක ටෙරන්ස් කින්ස්ටන්,  තමන්ට හිමි පාපැදිය, කීඩා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය, ෂෙමාල් ප්‍රනාන්දු මහතා අතින් ලබාගත් අයුරු. ජාතික තරුණ සේවා සභාවේ සභාපති, පසිදු විජේරත්න, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්, ශමින්ද ජයවර්ධන මහතා ඇතුළු කිහිපදෙනෙක් වෙති.

(සේයාරූ: වත්තල ස්ටැනිස්ලස් පයස්)   


අදහස් (0)

ෆ්ලයින්වීල් පාපැදි ශූරයා ලක්ෂ්මන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.