Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොඳම දිස්ත්‍රික් පැසිපන්දු සංගමය යාපනයේ

හොඳම දිස්ත්‍රික් පැසිපන්දු සංගමය යාපනයේ

editorial - 2024 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය විසින් කරන ලද සමීක්‍ෂණයකදී යාපනය දිස්ත්‍රික් පැසිපන්දු සංගමය ශ්‍රී ලංකාවේ වඩාත්ම ක්‍රියාකාරී පැසිපන්දු අනු සංගමය ලෙස සම්මාන දිනාගත්තේය. 

යාපනය දිස්ත්‍රික් පැසිපන්දු සංගමය විසින් පසුගිය වසරේදී වාර්තාගත පැසිපන්දු වැඩමුළු සහ පුහුණු කඳවරු සංඛ්‍යාවක් සංවිධානය කර තිබිණ. පැසිපන්දු තරඟාවලි හැරුණු විට, 2023 වසර තුළ පවත්වන ලද වැඩමුළු 14 කදී යාපනය දිස්ත්‍රික්කයේ පැසිපන්දු ක්‍රීඩාව වඩාත් ඉහළ මට්ටමක් කරා ගෙන යා හැකිවන පරිදි පුහුණුකරුවන් සහ විනිසුරුවන් සඳහා අධ්‍යාපනික කඳවුරු ද පවත්වා ඇත.

යාපනය දිස්ත්‍රික් පැසිපන්දු සංගමයේ ශූර ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ උප සභාපති වී.ඒ. අශෝක් ජයකුමාර් මහතා විසින් යාපනය දිස්ත්‍රික් පැසිපන්දු සංගමයේ ලේකම් ජෙයබාලන් ජෙසෙන්තන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ වැඩබලන සභාපති පෝල් නිව්මන් මහතා සහ සම්මේලනයේ උප සභාපති වෛද්‍ය ගිහාන් ද සොයිසා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

- 213


අදහස් (0)

හොඳම දිස්ත්‍රික් පැසිපන්දු සංගමය යාපනයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.