Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සේනාරත්න - මධුෂානි ඔරුපැදීමේ තරගය දිනති

සේනාරත්න - මධුෂානි ඔරුපැදීමේ තරගය දිනති

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් වෙරළ තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ තීරය දක්වා පළමු වරට පැවැති කයාක් ඔරු තරගයේ පිරිමි ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාස්න් කෝප්‍රල් ආර්.ආර්. සේනාරත්න සමත් විය. එහි කාන්තා ඉසව්ව ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා කේ.ඩබ්.එන්. මධුෂානි විසිනි. 

‘ආදම්ගේ පාලමේ අභියෝගය’ ලෙස හැඳින්වූ මෙම තරගයේ පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානය නාවික හමුදාවේ ප්‍රධාන සුලු නිලධාරී ජේ.සී. ජයසිංහ විසින්ද, තෙවැනි ස්ථානය ප්‍රමුඛ නාවික එච්.එම්.ඒ.ඩී. ගුණතිලක විසින්ද දිනාගනු ලැබූහ. එම්.ජේ. ද සිල්වා සහ එස්.එම්. ද සිල්වා පිළිවෙලින් කාන්තා ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වූහ. 

ශ්‍රී ලංකා කැනොයින් සහ කයාක් සංගමය, ජේඞ් උසස් පාසල් කැනොයින් සමාජය, ඇඞ්වෙන්චර් සීල්ස් සමාජය, බොල්ගොඩ ලේක් ඔරු පැදීමේ සමාජය, කොළඹ රාජකීය විදුහල, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල, ලංකා ඇඞ්වෙන්චර් සමාජය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව යන ක්‍රීඩා සමාජ, සංගම් සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 31 දෙනෙක් මෙම තරගයට සහභාගි වූහ. 

ඔවුන්ට අමතරව ඉන්දීය කැනොයින් සහ කයක් සංගමය නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනෙක්ද තරගය නිමා කළ අයුරු දැකගත හැකි විය. ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පැවැති මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කැනොයින් සහ කයක් සංගමය මෙන්ම ඉන්දීය කැනොයින් සහ කයක් සංගමයේද දායකත්වය හිමිවිය. 

තරගයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය තලෙයිමන්නාරම් වෙරළ තීරයේදී පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ නාවික හමුදා නිලධාරීන් රැසක් සහභාගි වූහ. ඉන්දීය කැනොයින් සහ කයාක් සංගමයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. 


 

-036


අදහස් (0)

සේනාරත්න - මධුෂානි ඔරුපැදීමේ තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.