Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුසාල්ගෙන් චෙස් වාර්තාවක්

සුසාල්ගෙන් චෙස් වාර්තාවක්

editorial - 2022 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය-එම්. සුසිල් ප්‍රියන්ත)

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

එමෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 2500ක් ලබාගත් මෙරට පළමු පාසල් චෙස් ක්‍රීඩකයා වන්නේද ඔහුය.

අඩ සියවසක් ගෙවා චෙස් ක්‍රීඩා ඉතිහාසයක් ඇති මෙරට එවැනි දක්ෂතාවක් දැක්වීමට සුසාල් ද සිල්වා සමත්වීම කැපී පෙනේ.

විදෙස් තරග සංචාරවලදී සුසාල් ද සිල්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු අනුව ඉහළින්ම සිටින චෙස් ක්‍රීඩකයන් පරදවා නැතත් ඔවුන් වැඩි දෙනකු සමග තරග සම කරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව සිටියි.

වත්මන් ජාතික චෙස් ශූරයා වන ඔහු මේ වනවිට ජාතික ශූරතාව දෙවරක්ම දිනාගෙන තිබේ.

මේ වසරේ මාලදිවයිනේ පැවැති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී වයස 18න් පහළ විවෘත ශූරතාව දිනා ගත්තේද ඔහු විසිනි. ඔහු ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි.


අදහස් (0)

සුසාල්ගෙන් චෙස් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.