Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුජීවගේ බේස්බෝල් විනිසුරු වැඩමුළුව දෙදිනක්

සුජීවගේ බේස්බෝල් විනිසුරු වැඩමුළුව දෙදිනක්

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දිවයිනට පැමිණ සිටින අන්තර්ජාතික බේස්බෝල් සම්මේලනයේ තාක්‍ෂණික උපදේශකවරයකු හා ආසියානු බේස්බෝල් සම්මේලනයේ විනිසුරු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුජීව විජේනායක මහතා මෙහෙයවන මෙරට බේස්බෝල් විනිසුරුවන් දැනුවත් කෙරෙන දෙදින වැඩමුළුව මෙම මස 2 – 3 යන දිනවල පෙරවරු 8 සිට දියගම මහින්ද රාජපක්‍ෂ බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ලෙස සුජීව විජේනායක මහතා එරට බේස්බෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටින්නේ එරට වෙසෙන එකම විදේශීය අන්තර්ජාතික බේස්බෝල් විනිසුරුවරයා බවට පත් වෙමිනි.

වසර 2006 සිට ජපානයේ වෙසෙන සුජීව ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කරන ජපන් - ශ්‍රී ලංකා බේස්බෝල් මිත්‍රත්ව පදනමේ අනුග්‍රහයෙන් මෙම විනිසුරු වැඩමුළුව දියත් කෙරේ.

ජපානයේ බේස්බෝල් සංවිධාන රැසක තනතුරු දරන අතර ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව නැංවීම සඳහා ඔහුගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට අනුග්‍රහයන් හා දායකත්වයන් රැසක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාව වසර 2019 දී බටහිර ආසියානු බේස්බෝල් කුසලාන දිනා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේ සුජීව විජේනායක මහතායි.

‘‘බේස්බෝල්’’ ක්‍රීඩාවට අලුතින් හඳුන්වාදී තිබෙන බේස්බෝල් - 5 ඉසව්වේ ප්‍රවර්ධනය සඳහා ජපානයේ ජාතික බේස්බෝල් සංගමයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇත්තේද ඔහුය. ඩෝහා - කටාර්හිදී 2026 දී පැවැත්වෙන ලෝක යොවුන් බේස්බෝල් තරගාවලියේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර ඇත්තේද මෙම ශ්‍රී ලාංකිකයාය.

40 හැවිරිදි සුජීව කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.


අදහස් (0)

සුජීවගේ බේස්බෝල් විනිසුරු වැඩමුළුව දෙදිනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.