වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී වර්තූසා කණ්ඩායමට එරෙහිව ලකුණු 19-13 ක තියුණු ජයක් වාර්තා කිරීමට ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 11-04 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 7 ක් එක්කර ගත්හ. දෙවනි අර්ධයේදී ලකුණු 9 ක් රැස්කිරීමට වර්තූසා ක්‍රීඩිකාවෝ සමත් වුවත්, පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය හේතුවෙන් ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.
මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 9 ක් රැස්කළ ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායමේ රුවිනි වීරසේකර එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.