Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සංගම් දැල්පන්දු තරගාවලියට එන්චාන්ටර් අනුග්‍රහය

සංගම් දැල්පන්දු තරගාවලියට එන්චාන්ටර් අනුග්‍රහය

editorial - 2024 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාර්තු 02, 03 යන දිනවල ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී පැවැත්වෙන අන්තර් සංගම් දැල්පන්දු තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට එන්චාන්ටර් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත්ව සිටියි. 

එම අනුග්‍රහය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියට එම ආයතනයේ කලමනාකරණ අධ්‍යක්ෂ උදය නිස්සංක මහතා විසින් ප්‍රදානය කළ අයුරු. එහි අලෙවි කළමනාකරු චන්දික අබේතුංග, දැල්පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික නීතීඥ පද්මිණී හොරණගේ යන මහත්ම මහත්මීන්ද මෙහි වෙති. 

කෙටිකලක් තුළදී දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ජාතික මට්ටමේ තෙවැනි තරගාවලිය මෙයයි. ඊට දැල්පන්දු කණ්ඩායම් 25ක් තරගවදිති. එක් කණ්ඩායමක් සඳහා අවම සිය බලප්‍රදේශය තුළ ස්ථාපිත ක්‍රීඩා සමාජ 5ක ක්‍රීඩිකාවන් නියෝජනය කළ යුතුය.  


අදහස් (0)

සංගම් දැල්පන්දු තරගාවලියට එන්චාන්ටර් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.