‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය. මෙම තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අනුක ජයසිංහ පළමු ඉනිමේදී කඩුලු 4 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් සමගින් තරගය පුරා කඩුලු 9 ක් දවාගනිමින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ සමිත් විජේනායක ලකුණු 56 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය.
හේනේගම ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 26.4 කදී සියලුදෙනා දැවී ලකුණු 83
(ඉසුරු ධනංජය 26, අනුක ජයසිංහ 14/4, විශ්ව කුමාර 17/3, ජනිඳු ඉඳුවර 22/2)
සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 183
(ජනිඳු ඉඳුවර 68, සසිඳු ද සිල්වා 41, තරණ ද සිල්වා 27, සමිත් විජේනායක 56/7)
හේනේගම ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(ජනිත් මදුහංස නොදැවී 53, මනුජිත් දේශාන් 26, ඉසුර ධනංජය 22, අනුක ජයසිංහ 64/5, විශ්ව කුමාර 29/3, තාරුක පිරීස් 13/2)
සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුල්ලක් දැවී ලකුණු 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.