Last Update  :  2024-04-26 21:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවෙන් 9 ක් පැරලිම්පික් යති

ශ්‍රී ලංකාවෙන් 9 ක් පැරලිම්පික් යති

editorial - 2021 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෝකියෝ පැරලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට තීරණය වී තිබේ. ජපානයේ ටෝකියෝ නුවරදී 16 වැනි පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් ද සමග ශ්‍රී ලංකා නිල කණ්ඩායම 17 දෙනකු බවට පත්වේ.

ගිම්හාන ඔලිම්පික් උළෙලක් නිමාවේදී සමගාමීව විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ගිම්හාන පැරලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වේ.

‘ටෝකියෝ’ පැරාලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩකයකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් පත්කර තිබේ. ඔහු වසර 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී හෙල්ල වීසි කිරීම - පිරිමි (එක් අතක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලකාවට දිනා දුන් ක්‍රීඩකයායි.

මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතා මෙවරත් ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, මෙවර පැරලිම්පික් කණ්ඩායමටපුහුණුකරුවන් පස්දෙනකු හා පරිවාර නිලධාරීන් දෙදෙනකුත් සහභාගි වීමට නියමිතය.  ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් එකම ක්‍රීඩිකාව වන්නේ මලල ක්‍රීඩිකා  කුමුදු ප්‍රියංකාය.

රාජිත අම්පෙමොහොට්ටි මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ, පසුගිය වසර 2020 මාර්තු සිට මේ දක්වා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අපේක්ෂා කළ සුදුසුකම් ලබාගත හැකි අන්තර්ජාතික පැරා ජාත්‍යන්තර තරග ගණනාවකට සහභාගි වීමට නොහැකි වුවත් ටෝකියේ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ සංයුතිය පිළිබඳව සතුටු විය හැකි බවයි. එසේ නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 12 දෙනකු දක්වා ඉහළට ගෙන ඒමේ හැකියාවක් තිබණු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

පළමු වතාවට ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකු පැරලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටී. ඔහු මහේෂ් ජයකොඩිය.

වසර 2012 ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී මලල ක්‍රීඩක ප්‍රදීප් සංජය මීටර 400 – පිරිමි එක් අතක් අප්‍රාණික හෝ අහිමි ඉසව්වෙන් දිනාගත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව ගිම්හාන පැරාලිම්පික් උළෙලකදී වාර්තා කළ පළමු පදක්කම ලෙස ඉතිහාසගත වේ.

‘ටෝකියෝ’ නුවර බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 19 වැනිදා සිට ජෛව බුබුළක් යටතේ නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට නියමිතය.

 

ටෝකියෝ බලා යන ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායම
දිනේෂ් ප්‍රියන්ත හේරත් (හෙල්ල වීසි කිරීම), සම්පත් බණ්ඩාර (දුන්නෙන් විදීම), සමිත දුලාන් (හෙල්ල වීසි කිරීම), සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල වීසි කිරීම), කුමුදු ප්‍රියංකා (මලල ක්‍රීඩා), සමන් සුබසිංහ (යගුලිය වීසි කිරීම), මහේෂ් ජයකොඩි (රුවල් ඔරු), ඩී.එස්. ධර්මසේන (රෝද පුටු ටෙනිස්)

- 223


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් 9 ක් පැරලිම්පික් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.