Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට හිතන්න තවත් අවස්ථාවක්

ශ්‍රී ලංකාවට හිතන්න තවත් අවස්ථාවක්

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු කුසලාන (2027) පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව ඇතුළුව කලාප සුදුසුකම් තරග වට අවාසනයටම පැමිණ සිටින පරාජිතයන් 10 දෙනෙකුට එහි අවසන් වටයට පිවිසීමේ තවත් එකම අවස්ථාවක් ලැබී තිබේ. එම වටය ලබන සැප්තැම්බර් 5 සහ 10 යන දින දෙකේදී  පැවැත්වීමට නියමිතය. එහිදී සැප්තැම්බර් 5 වැනිදා තරගය කොළඹදී පැවැත්වේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා හඳුන්වාදී තිබෙන නව ආකෘතිය යටතේ මෙම පරාජිතයන් 10 දෙනාට එම අවස්ථාව හිමිව තිබේ. එහිදී ජයග්‍රාහී කණ්ඩායම් පහකට තරගාවලියේ ඉදිරියට යාමේ අවස්ථාව එමගින් තවදුරටත් හිමිව තිබේ.

මෙතෙක් පැවැති සුදුසුකම් තරග වටවලදී පහළටම පැමිණ සිටින ශ්‍රී ලංකාව ඇතුළුව මාලදිවයින, උතුරු මරියානා දූපත්, ලාඕසය, කාම්බෝජය, මැකාවෝ, ගුවාම්, මොංගෝලියාව, නැගෙනහිර ටිමෝරය හා බෲනායි යන රටවල් ලබන සැප්තැම්බර් 5 වැනිදා ආරම්භ වන මෙම සුදුසුකම් වටයට ඇතුළත්ව තිබේ. 

එහිදී ශ්‍රී ලංකාව ඇතුළුව එම රටවල් තමන්ට මුණ ගැසෙන ප්‍රතිවාදීන්ට එරෙහිව තරග දෙකකට සහභාගී වේ. බෲනායි, මැකාවෝ හෝ ටිමෝරය යන රටවල් එහිදී ශ්‍රී ලංකාව මුණ ගැසීමේ වැඩි ඉඩක් පෙන්නුම් කරන රටවල් බවට පත්ව තිබේ.

ලෝක කුසලාන (2026) සුදුසුකම් නිර්දේෂිත ආසියානු කලාප තරගාවලි 2027 ආසියානු කුසලාන සුදුසුකම් නිර්දේශිත තරග වට ලෙසත් සැළකුණු අතර එහිදී යේමනය සමග පැවැති තරග දෙකකදී ගෝල 1-4ක පරතරයක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන (2027) තරග බලාපොරොත්තු බිඳුණු ස්වභාවයක් පෙන්නුම් කළේය.

ආසියානු පාපන්දු සමුළුවේ සාමාජික රටවල් 46 ක කණ්ඩායම් 2027 ජනවාරි මාසයේ සෞදි අරාබියේ සත්කාරයෙන් පැවැත්වෙන මීළඟ ආසියානු කුසාලන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තරග වට සඳහා සහභාගී විය. එයින් කණ්ඩායම් 24 ක් ආසියානු කුසාලන ලෙස සංවිධානය කෙරෙන අවසන් වටය සඳහා නිර්දේශ ලබයි.

1972 තරගාවලියේ සිට ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරග සහභාගීත්වයට එක්ව සිටින අතර ඒ කිසිදු අවස්ථාවකදී ඔවුන් සුදුසුකම් තරග වටවලින් ඉදිරියට පැමිණීමට සමත්ව නැත. ඒ අතර ආසියානු කුසලාන සුදුසුකම් තරග වට පරාජිතයන් සඳහා හඳුන්වා දුන් ආසියානු සමුළු අභියෝග ශූරතා කුසලාන 2006 තරගාවලියේ අනුශූතාව හිමිකර ගෙන තිබේ.

මේ අතර එළඹෙන ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පරාජිතයන්ගේ වට අවසන් තරග දෙකට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකාව එළඹෙන ජුනි -  ජූලි කාල සීමාව තුළදී සුහද ජාත්‍යන්තර තරග දෙකකට සහභාගීවීමට සැළසුම් කරමින් සිටියි.

බොහෝ විට මැකාවෝ හෝ ටිමෝරය යන දෙරටින් එකක් සමග ඔවුන්ගේ සත්කාරයෙන් එම තරග සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකාව සැළසුම් කර ඇත. මේ දක්වා 2023 – 24 කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග හතරකට සහභාගී වී එක් තරගයක් ජය ගෙන තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත. සෙසු තරගය පරාජයට පත්ව තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට හිතන්න තවත් අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.