Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ පරාජයන් දෙකක්

ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ පරාජයන් දෙකක්

Nisanka Sandeepani - 2018 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ ඉසව්වේ අද (20 වැනිදා) පැවැති පිරිමි තරගයකදී ලකුණු 40-11 ක් ලෙස ශ්‍රී ලංකාවේ තිසර ධර්මප්‍රිය පරාජය කිරීමට වියට්නාමයේ කුයොක් හං සමත් විය. 

තරගයේ පළමු වටය අවසානයේදී ලකුණු 25-11 ක ලෙස පෙරමුණ ගත් කුයොක් හං, දෙවැනි වටයේදී සිය මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 15 ක් එක්කර ගැනීමට සමත් විය. එසේ වුවත් දෙවැනි වටයේදී එක් ලකුණක් හෝ ලබා ගැනීමට ධර්මප්‍රිය අපොහොසත් විය. අනතුරුව දෙදෙනා අතර පැවැති ලකුණු පරතරය සැලකිල්ලට ගනිමින් තරගය නතර කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය. 

අද පැවැති කාන්තා ටයිකොන්ඩෝ තරගයකදී ශ්‍රී ලංකාවේ නිසංසලා සඳමාලිට එරෙහිව ලකුණු 30-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ජෝර්දානයේ ජුල්යානා අල් සදේක් සමත් වූවාය. පළමු වටයේදීම ලකුණු 38 ක් රැස්කිරීමට ජුල්යානා සමත් වූ අතර එහිදී එක් ලකුණක් හෝ ලබාගැනීමට නිසංසලා අසමත් වූවාය. ඒ හේතුවෙන් තරගය නතර කරමින් ජුල්යානාට ජයග්‍රහණය පිරිනැමීමට විනිසුරුවරයා කටයුතු කළේය.  


-036 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ පරාජයන් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.