Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට 20 වැනි තැන

ශ්‍රී ලංකාවට 20 වැනි තැන

editorial - 2022 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

රටවල් 37 ක සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ සැන්ටැන්ඩර් නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේදී 20 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ඇමරිකා එක්සත් ජනපදය, චෙක් ජන රජය, අර්මේනියාව සහ තුර්කිය සමගින් ‘ජී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරගාවලියට එක්විය. අවසන් මොහොතේ තුර්කිය තරගාවලියට සහභාගී වීමෙන් වැලකී සිටිම හේතුවෙන් ‘ජී’ කාණ්ඩයේ සිවුකොන් සටනක් නිර්මාණය විය. 

එහිදී තරග වට 4-1 ක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය හමුවේද, තරග වට 3-2 ක් ලෙස චෙක් ජන රජය හමුවේද පරාජය වූ ශ්‍රී ලංකාවට, තරග වට 5-0 ක් ලෙස ජයගත හැකි වූයේ අර්මේනියාවට එරෙහිව පැවැති තරගය පමණි. 

ඒ අනුව තරගාවලියේ 17 වැනි ස්ථානයත්, 24 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එහි පළමු තරගයේදී තරග වට 3-1 ක් ලෙස හංගේරියාව පරාජය කිරීමට සමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව 17 වැනි ස්ථානයත්, 20 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලැබීය. 

කෙසේ වුවත් එහිදී තායිලන්තය හමුවේ තරග වට 3-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය හෝ 20 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. එහිදී ඕස්ටේ්‍රලියාව හමුවේ තරග වට 3-2 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ 20 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරග වට 3-1 කින් දකුණු කොරියාව පරාජය කළ චීන තායිපේ රාජ්‍යය සමත් විය. ඒ අනුව දකුණු කොරියාවට රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ඉන්දුනීසියාව සහ ජපානය සමත් විය. 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 20 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.