Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල ආසියානු ශූරතාවලියට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල ආසියානු ශූරතාවලියට

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ දෙවැනි ශ්‍රේණියේ තරගාවලියක් ලෙස චීනයේ පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11 දෙනෙකු සහ නිලධාරීන් තිදෙනකු චීනය බලා පිටත්ව ගියහ. එම තරගාවලිය හෙට (9 වැනිදා) සිට 14 වැනිදා දක්වා චීනයේ නිංබෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. 

පිරිමි කේවල සහ යුගල, කාන්තා කේවල සහ යුගල තරග සමග මිශ්‍ර යුගල තරග පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි කේවල ඉසව්වට සහභාගි වන අතර රනිත්මා ලියනගේ කාන්තා කේවල ඉසව්වට සහභාගි වීමට නියමිතය. 

විරේන් සමග බුවනෙක ගුණතිලක පිරිමි යුගල ඉසව්වට සහභාගි වන අතර, තුලිත් පල්ලියගුරුගේ සමග ඔෂාමික පෙරේරාද, මධුක දුලාංජන සමග ළහිරු වීරසිංහද පිරිමි යුගල ඉසව්ව යටතේ තරග වදිනු ඇත. මේ අතර කාන්තා යුගල තරගයට සිතුමි ද සිල්වා සමග ඉසුරි භාග්‍යා ක්‍රීඩා කිරීමට නියමිතය. මිශ්‍ර යුගල තරගයට චමත් ඩයස් සමඟ රෝෂිණී ගුණසේකර සහභාගි වනු ඇත. 

මේ තරගාවලියේදී රොෂාන් නෙත්තසිංහ මහතා විරේන් නෙත්තසිංහගේ පුහුණුකරු ලෙසත්, යුක්ති පෙරේරා මහතා සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙසත් සහභාගි වන අතර මාලිකා වඩුගේ මෙනෙවිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස සංචාරයට එක් වී සිටින්නීය. 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ : 
විරේන් නෙත්තසිංහ, රනිත්මා ලියනගේ, බුවනෙක ගුණතිලක, චමත් ඩයස්, තුලිත් පල්ලියගුරුගේ, ඔෂාමික පෙරේරා, මධුක දුලාංජන, ළහිරු වීරසිංහ, රෝෂිණී ගුණසේකර, සිතුමි ද සිල්වා සහ ඉසුරි භාග්‍යා අත්තනායක 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල ආසියානු ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.