
බාලිකා විද්‍යාලයීය ආදි ක්‍රීඩිකා එකමුතුව විසින් සංවිධානය කරන ලද දැල්පන්දු සැණකෙළියේදී ආදි බාලිකාවන්ගේ ශූරතාව ‘වොරියර්ස්‘ කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. ආදි බාලිකාවන්ගේ අනුශූරතාව ‘ස්මෑෂස්‘ කණ්ඩායමට හිමිවිය. පාසල් කණ්ඩායම් වල ශූරතාව 16 න් පහල කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර අනුශූරතාවය 19 පහළ කණ්ඩායමට හිමිවිය.
මෙම දැල්පන්දු සැණකෙළිය පසුගිය ඉරුදින පානදුර බාලිකා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණ. සැණකෙළිය ට පාසලේ කණ්ඩායම්, ආදි බාලිකාවන්ගේ කණ්ඩායම් සහ පාසලේ ගුරුමණ්ඩලයේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 15 ක් සහභාගි වූහ.
දැනට ජාත්‍යන්තර තලයේ විනිසුරුවරියන්, පුහුණු කාරිණියන් මෙන්ම ක්‍රීඩිකාවන් ලෙස ද කටයුතු කරන පානදුර බාලිකාවෝ ආදී ශිෂ්‍යාවන් ගේ අනුග්‍රහය ඇතිව මෙම දැල්පන්දු තරගාවලිය පැවැත්වූහ. සැණකෙළිය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි හිටපු දැල්පන්දු ක්‍රීඩිකාවක වන දර්ශනී පෙරේරා මහත්මියයි.
පානදුර බාලිකාවේ හිටපු ක්‍රීඩා භාර ආචාරිණියක මෙන්ම, ප්‍රාථමික අංශය පැවැති කාලයේදී එහි විදුහල්පතිනියක ද වූ නැසීගිය ඇග්නස් අබේරත්න මහත්මියට කෘතගුණ සැලකීමක් ලෙස දැල්පන්දු සැණකෙළියේ කුසලානය ඇග්නස් අබේරත්න අනුස්මරණ කුසලාන යනුවෙන් නම් කරන ලදි.
සුවිශේෂී ආරාධිතාව ලෙස ප්‍රවීන දැල්පන්දු පුහුණුකාරිනී සුනිලා ලේකම්වසම් මහත්මිය සහභාගි වූවාය. පානදුර බාලිකා විද්‍යාලයේම ආදීශිෂ්‍යාවක වන පස්දුන් රට අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ හිටපු ලේකම් චම්පා ගුණවර්ධන මෙනෙවිය දැල්පන්දු සැණකෙළියේ සියලු තරග විනිශ්චය අධීක්ෂණය කළාය.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.