
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් කාන්තා ශුරතාව කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. පිරිමි ශූරතාව දිනා ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමයි.
මෙම තරගාවලිය හම්බන්තොට පාරවැල්ල වෙරළ තීරයේ දී පැවැත්විණ.
අවසන් වරට වසර 2019 ට නියමිත 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දී වෙරළ වොලිබොල් කාන්තා හා පිරිමි ශූරතා දිනාගත් ගම්පහ හා කුරුණෑගල යන දිස්ත්‍රික් කණ්ඩායම් මෙවර තරගාවලියේ දී පසුබෑමට ලක්වීම කැපී පෙණුනි.
33 වැනි ජාතික යොවුන් ක්‍රිඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග ප්‍රතිඵල
පිරිමි තරගාවලිය
ශුරතාව – හම්බන්තොට,
අනුශූරතාව - මොනරාගල,
තෙවැනි ස්ථානය - කුරුණෑගල
කාන්තා තරගාවලිය
ශුරතාව - කෑගල්ල,
අනුශූරතාව - හම්බන්තොට,
තෙවැනි ස්ථානය - කළුතර
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.