Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වවුනියා චෙස් තරගාවලියට 600 ක්

වවුනියා චෙස් තරගාවලියට 600 ක්

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වවුනියාව දිස්ත්‍රික් අන්තර් පාසල් චෙස් ශූරතාවලිය පසුගියදා සිසුන් 600කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් වවුනියාවේ සයිවප්‍රගාස කාන්තා විද්‍යාලයේදී සහ සයිවප්‍රගාස ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී. වට හතක තරගාවලියක් වශයෙන් පැවැති මෙම තරගාවලිය සිසුන්ගේ උපාය මාර්ගික දක්‍ෂතා මැනවින් ප්‍රදර්ශනය කළ තරගාවලියක් විය.

අවුරුදු 10න් පහළ, 12න් පහළ, 14න් පහළ සහ 16න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැති අතර එක් එක් වයස් කාණ්ඩයේ ජයග්‍රහාකයින් තිදෙනාට කුසලාන, මුදල් ත්‍යාග සහ සහතිකපත්ද පිරිනැමේ. ඊට අමතරව ඉහළම දක්‍ෂතා දක්වන පාසල්වලට පිළිවෙලින් රුපියල් 10,000 ක්, රුපියල් 7,500 ක් සහ රුපියල් 5,000 ක් බැගින් ප්‍රදානය කිරීමට නියමිතය. ශූරතාවලියේ සම්මාන උළෙල ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට අනුබද්ධ යාපනය දිස්ත්‍රික් චෙස් සංගමයේ මෙහෙයවීමෙන්, වවුනියාව උතුර හා දකුණ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධීක්‍ෂණයෙන් යුතුව තරගාවලිය පැවැත්විණ. තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය කොමර්ෂල් බැංකුව වෙතිනි.

 

-213


අදහස් (0)

වවුනියා චෙස් තරගාවලියට 600 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.