Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විනෝද් - ටානියා කනිෂ්ඨ ශූරතා දිනති

විනෝද් - ටානියා කනිෂ්ඨ ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැති ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශූරතාව විනෝද් වීරසිංහ විසින් දිනාගන්නා ලදි. ටානියා මිනෙල් බාලසූරිය කාන්තා  ශූරතාව දිනාගත්තාය.

විනෝද් වීරසිංහ මෙවර පිරිමි ශූරතාව පිට පිටම තෙවැනි වරටත් දිනාගත් අතර ටානියා බාලසූරිය මෙවර කාන්තා ශූරතාව පිට පිටම දෙවැනි වරට දිනාගැනීමට සමත් වූවාය. පිරිමි අනු ශූරතාව හරූන් අස්ලම් විසින් ද, කාන්තා අනු ශූරතාව කයිලා පෙරේරා විසින් ද, හිමිකරගන්නා ලදහ.

ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ ‘ප්‍රීමා සන්රයිස් පාන්’ මෙම තරගාවලියට 11 වැනි වසරටත් අනුග්‍රහය දැක්වීය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානයකිරීමේ අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රීමා සමූහයේ සාමාන්‍යාධිකාරී ටෑන් බෙන් චෞවාන් මහතා සහ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩ්‍රස්ට්‍රිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

ප්‍රීමා සමූහයේ සාමාන්‍යාධිකාරී ටෑන් බෙන් චෞවාන් මහතා විසින් විනෝද් වීරසිංහට සමස්ත ශූරතා කුසලාන පිරිනමන ලද අවස්ථාව.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩ්‍රස්ට්‍රීස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න විසින් ටානියා බාලසූරියට කුසලාන පිරිනමන ලද අවස්ථාව

- 048


අදහස් (0)

විනෝද් - ටානියා කනිෂ්ඨ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.