Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රූපසිංහ - දුලාංජලී පාපැදි ශූරතා දිනති

රූපසිංහ - දුලාංජලී පාපැදි ශූරතා දිනති

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2022) පාපැදි (ස්ටෑන්ඩඩ්) තරගාවලියේ බාලක ඉසව්වේ ජය පිල්වත්ත ඩේවිඩ් ද සිල්වා කනිෂ්ඨ විදුහලේ කේ.සී.අයි. රූපසිංහ විසින්ද බාලිකා ඉසව්වේ ජය හංවැල්ල රාජසිංහ මැදි විදුහලේ එම්.ඒ.එල්. දුලංජලී විසින්ද හිමිකර ගන්නා ලදී.

අනුරාධපුරයේදී මෙවර පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලිය පැවැත්වුණු අතර තරගකරුවෝ 81 දෙනෙකු අතරින් පැය 1 විනාඩි 13 තත්පර 40කට කිලෝමීටර 48ක දුරක් ගෙවා අවසන් කළ රූපසිංහ  ජයග්‍රාහකයා බවට පත්විය.

මේ අතර කිලෝමීටර 24 දුරැති බාලිකා ඉසව්ව ජය ගැනීමට දුලංජලීට විනාඩි 47 තත්පර 54ක කාලයක් ගත වූවාය. ඊට තරගකාරියෝ 30 දෙනෙකු ඉදිරිපත් වූහ. බස්නාහිර පළාතේ පාසල්  ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර  තරගාවලියේ වැඩි ජයග්‍රාහන ලැබීම කැපී පෙනුනි.

ශ්‍රී ලංකා පාසල් පාපැදි සංගමය අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ අධීක්ෂණයෙන්  සංවිධානය කළ මෙම පාපැදි තරගාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස මහේෂ් උපාලි ධර්මසේන මහතා කටයුතු කළේය.


තරග ප්‍රතිඵල
බලක ඉසව්ව (කිලෝමීටර් 48)
1. කේ.සී.අයි. රූපසිංහ (පිල්වත්ත ඩේවිඩ් ද සිල්වා කනිෂ්ඨ විදුහල- පැය 1 විනාඩි 13 තත්පර 40)
2. ජේ.ඩී.එම්. ජයකොඩි (හෝමාගම ජනාධිපති විදුහල- 1.13.40)
3. එන්.ඩී. නියොමාල් (කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය- 1.13.40)


බාලිකා ඉසව්ව (කිලෝමීටර් 24)
1.එම්.ඒ.එල්. දුලංජලි (හංවැල්ල රාජසිංහ  මැදි විදුහල- විනාඩි 47 තත්පර 54)
2. එස්.එම්.එස්. අමාලි (හුණුමුල්ල මහ විදුහල)
3.  එම්.ඩී. සංජුලා (අනුරාධපුරය කලාප මහ විදුහල- 48.05)


අදහස් (0)

රූපසිංහ - දුලාංජලී පාපැදි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.