Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රනිඳු - ඔෂිනි ජාතික චෙස් ශූරතා දිනති

රනිඳු - ඔෂිනි ජාතික චෙස් ශූරතා දිනති

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා  සමාජයේ රනිදු දිෂාන් ලියනගේ විසින් දිනා ගන්නා ලදි. කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන එහි කාන්තා ශූරතාව දිනා ගත්තාය. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ  ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය මාර්තු මස 22 සිට 31 දක්වා කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

තරග වට 13 න් ලකුණු 12 ක් ලබා ගනිමින් රනිදු දිල්ෂාන් ලියනගේ මෙවර ජාතික චෙස් ශූරයා ලෙස අබිසෙස් ලබා ගනිද්දී තරග වට 13 න් ලකුණු 11 ක් ලබාගත් ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ජාතික චෙස් ශූරිය ලෙස අභිසෙස් ලැබුවාය.

රනිදු දිල්ෂාන් ලියනගේ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා ලෙස තේරී පත්වූවේ දෙවැනි වරටය. ගිය වසරත් ඇතුලත්ව පිට පිටම තුන් වතාවක් ජාතික චෙස් ශූරයාවූ කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් ද සිල්වා පරාජය කරමින් රනිඳු දිල්ෂාන් මෙවර ජාතික ශූරයා වීම විශේෂත්වයකි. එමෙන්ම තවත් ජාතික චෙස් ශූරයකු වූ මොරටුව විශ්වවිද්‍යාලයේ හර්ෂණ තිලකරත්න ද පරාජය කිරීමට රනිඳු දිල්ෂාන් සමත් විය.

ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය ලෙස කිරුළු පැලදියේ මේ පළමු වරටය. එමෙන්ම ලාබාල චෙස් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය ලෙස කිරුළු පැළදි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. හිටපු ජාතික චෙස් ශූරියන් දෙදෙනෙකුවූ කැළණිය විශ්වවිද්‍යාලයේ නික්ලේෂා තරූෂි හා හැටන් නැෂනල් බැංකුවේ ජනනන්දනී අබේසිංහ අභිබවා ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය වීමත් මේ තරගාවලියට එක්වූ ලාබාලතම චෙස් ක්‍රීඩිකාවවූ ඇය තමාට වඩා වයසින් වැඩි අනෙක් චෙස් ක්‍රීඩිකාවන් අභිබවා ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය වීමත් විශේෂයෙන්ම කැපී පෙනුණි.

තරග වට 13 න් ලකුණු 11 ක් ලබාගත් ලොකුගේ සුසාල් ද සිල්වා සහ හර්ෂණ තිලකරත්න සම අනු ශූරයන්වුවද චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී ලොකුගේ සුසාල් ද සිල්වාට අනු ශූරතාවත් හර්ෂණ තිලකරත්නට තෙවැනි ස්ථානයත් හිමිවිය.

     ඔෂිනි ගුණවර්ධන මුහුණ දුන් තරග වට 13 න්  ලකුණු 11ක් ලබාගත් ඇය කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ සනුදුලා දහම්දී හමුවේ පරාජය වූවාය. අනෙක් තරග වට 12 දී  ඔෂිනි ක්‍රීඩිකාවන් 10 දෙනෙකු පරාජය කළ අතර තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමග තරග ජය පරාජයෙන් කෙළවර ගත්තේ ලකුණු භාගය බැගින් තරග දෙකේදීම ලකුණක් තමන් සතු කර ගනිමිනි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙතුෂි අමායා සහ හැටන් නැෂනල් බැංකුවේ පී එල් සී ආයතනයේ ජනනන්දනී අබේසිංහ දෙදෙනා හමුවේ පැවැති තරග දෙක ඔෂිනි දේවින්ද්‍යා තරග ජයපරාජයෙන් තොරව කෙළවර කරගත්තාය.

කාන්තා තරගාවලියේ තරග වට 13 න් ලකුණු 10 ක් ලබාගත් කොළඹ විශාකා විද්‍යාලයේ ඒෂා පල්ලේට අනු ශූරතාවත් කැළණිය විශ්වවිද්‍යාලයේ නික්ලේෂා තරුෂිට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.

 

01.ශ්‍රී ලංකා ජාතික චෙස් ශූර රනිදු දිල්ෂාන් ලියනගේ.

 

02.ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරී ඔෂිනි දේවින්ද්‍යා ගුනවර්ධන.


අදහස් (0)

රනිඳු - ඔෂිනි ජාතික චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.