Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොවුන් කබඩි තරගාවලිය දෙසැ 3-4

යොවුන් කබඩි තරගාවලිය දෙසැ 3-4

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන ජාතික යොවුන් (වයස 25න් පහළ) කබඩි කාන්තා හා පිරිමි තරගමාලාව සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් ලබන නොවැම්බර් 20 වැනිදා තෙක් අයදුම්පත් බාර ගැනේ.

මෙම තරගමාලාව ලබන දෙසැම්බර් 3-4 දෙදින ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මේ වන විට සැළසුම් කර තිබෙන පරිදි දෙසැම්බර් 2 වැනිදා පස්වරු 4 සිට මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙත අවශ්‍යතාවය පරිදි නවාතැන් පහසුකම් සූදානම් කර තිබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික් කබඩි සංගම් වෙත ඒ සඳහා කණ්ඩායම් සහභාගි කරවන ලෙස කබඩි සම්මේලනය දැනුම් දී තිබේ. තරගමාලාවට සහභාගි වන්නේ වයස 25න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත දිස්ත්‍රික් කාන්තා හා පිරිමි කණ්ඩායම්ය.

තරගමාලාවේ ශූරතාලාභී කණ්ඩායම් වෙත රුපියල් ලක්‍ෂයක් බැගින්ද අනුශූරතා ලාභීන් හා තවත් ස්ථාන ලබන කණ්ඩායම් වෙත කුසලාන හා පදක්කම් ඇතුළුව රුපියල් 75000ක් හා 50000ක් බැගින්ද පිරිනැමෙති.

තරග මාලාවේ අවසන් මහ තරග දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා ද කුසලාන සමඟ විශේෂ මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

වට්ස්ඇෆ් 0717954729 යන අංකය ඔස්සේ තරග අයදුම්පත් ඇතුළුවීමේ ගාස්තු කුවිතාන්සිය සමඟ යොමු කළ යුතුය. කබඩි සම්මේලනයේ ලේකම් ආර්. යශිවන් මහතාගෙන් ඉහත දුරකතන අංකයට අමතා තරගාවලියේ තොරතුරු පිළිබඳව විමසිය හැකිය.

 


අදහස් (0)

යොවුන් කබඩි තරගාවලිය දෙසැ 3-4

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.