Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුනිවර්සල් අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ මායාදුන්න

යුනිවර්සල් අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ මායාදුන්න

editorial - 2025 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේදී අද (24) නිමාවට පත්වූ යුනිවර්සල් වාර්ෂික ජාත්‍යන්තර අයෝමය ශූරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කේ.ඩී.මායාදුන්නට රන් පදක්කම දිනාගත්තේය. රටවල් 25 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ මෙම තරගාවලියේදී කිලෝග්‍රෑම් 80 බර පංතිය ඉසව්වෙන් හා ප්‍රවීනයන්ගේ (වයස 40 ත් 49 ත් අතර කාන්ඩය) ඉසව්වේදත් රන් පදක්කම් දිනා ගනිමින් ඔහු ත්‍රිත්ව රන් පදක්කම්ලාභියෙකු බවට පත්විය.

සමස්ත තරගාවලියේ ශූරතාව දිනාගත්තේත් ශ්‍රී ලංකා කණ්ඩයමයි.

මීට පෙර ආසියානු ශූරතා පදක්කම් දිනා ඇති මායාදුන්නේ විශේෂ කාර්‍ය බලකායේ සේවය කරන්නෙකු වන අතර තායිලන්ත යුනිවර්සල් තරගාවලියේදී ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා සැළකිල්ලට ගනිමින් ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය විසින් ඔහුට නිල වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයෙකුට හිමි වන සහතික පත්‍රය ප්‍රදානය කිරීමද තරග වේදිකාවේදී සිදු කෙරුණි.

තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අට දෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම්  4 ක් රිදී පදක්කම් 4 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට සමත් විය. කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ ත්‍රිත්ව රන් පදක්කම්ලාභී කේ.ඩී. මායාදුන්නය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාම සිය ඉසව් වෙතින් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ උප ලේකම් කසුන් චතුරංග මහතා පැවැසුවේ ජාත්‍යන්තර තරගාවලියකදී කාන්තා ඉසව් සදහා ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ලෙස එය මෙරට කායවර්ධන ඉතිහාසයට එක් වන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජී.ඒ. ප්‍රේමසිරි මහතාත් කළමනාකරු ලෙස ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතාත් කටයුතු කළහ.

 

ශ්‍රී ලංකාව තරගාවලියේදී පදක්කම් දිනා ගත් ආකාරය

( රන් පදක්කම්)

කේ. ඩී. මායාදුන්න : -කිලෝග්‍රෑම් 80 බර පංතිය ඉසව්ව, ප්‍රවීනයන්ගේ ( වයස 40 ත් 49 ත් අතර කාන්ඩය) හා සමස්ත තරගාවලිය.

*ජී.ඩී.වනිගසේකර : - ප්‍රවීනයන්ගේ ශාරීරික යෝග්‍යතා නිරූපන ඉසව්ව

 

(රිදී පදක්කම්)

* රදිල් වනතුංග : - (කණිෂ්ථ ඉසව්ව), ජී.ඩී.වනිගසේකර : - (ශරීර ප්‍රදර්ශන හෙවත් ෆිට් මොඩල්)

* සුවිනී සුලෝචනා (ශාරීරික යෝග්‍යතා - කාන්තා කාන්ඩය)

* එස්.ඒ.ආර්. අයි. පියරත්න (කි.ග්‍රෑ 80 බරපන්තිය)

 

(ලෝකඩ පදක්කම්)

*චලනී රයිගම්බන්ඩාරගේ (ශක්ති සම්පන්න නිරූපන - කාන්තා)

*රදීල් වනතුංග : - (කිලෝග්‍රෑම් 80 ට වැඩි බර පංතිය)

*ළහිරු ලලන දිල්ෂාන් : -(ශාරීරික යෝග්‍යතා)  හා (උස සෙන්ටිමීටර 179 ට වැඩි හා ශරීර ප්‍රදර්ශන හෙවත් ෆිට් මොඩල් ඉසව්ව)

* එස්.ඒ.ආර්. අයි. පියරත්න (ෆිසිකල් ක්ලැසික්ස් - උස සෙ.මී. 176 ට වැඩි)

 

* රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකා සුවිනී

 


අදහස් (0)

යුනිවර්සල් අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ මායාදුන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.