Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මුහුදු පිහිනුම් ශූරතා අම්බලන්ගොඩ දේවානන්දයට

මුහුදු පිහිනුම් ශූරතා අම්බලන්ගොඩ දේවානන්දයට

editorial - 2024 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් විවෘත සැතපුම් දෙක  මුහුදු පිහිනුම් තරගාවලියේ පිරිමි , කාන්තා ශූරතාව  ද්විත්වයම අම්බලන්ගොඩ දේවානන්ද විදුහල විසින් දිනා ගන්නා ලදි.  

එම විදුහලේ නිරෝද් තීක්ෂණ පිරිමි ශූරතාවද ෂෙහාරා අනුහන්සි කාන්තා ශූරතාව ද දිනා ගත්හ.  

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කීඩා මණ්ඩලය හා ආදි පිහිනුම් කීඩක සංගමය  ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මේ මුහුදු පිහිනුම් තරගය අද(18 ) පෙරවරුවේදී අම්බලන්ගොඩ තානායම අසල  වෙරළ තීරයේදී පැවැත්වුණි.

ලංකාවේ පාසලක් සංවිධානය කරනු ලබන  ලංකාවේ පැරණිතම විවෘත  සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගය මෙය වන අතර මෙවර එය පැවැත්වූයේ 49 වැනි වරටය.

මේ තරගාවලියට දිවයිනේ පිහිනුම් කීඩකයින් 204ක් ද කීඩිකාව 50ක් සහභාගීවූහ.

පිරිමි තරගාවලියේදී විනාඩි 40:56:89 ක කාලයකින් තරගය නිමා කළ අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ නිරෝද තීක්ෂණ එහි ශූරතාවය දිනා ගත්තේය.තරගය විනාඩි 41:00:04ක කාලයකින් තරගය නිමා කළ මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ ආකාශ් පභාෂ්වර එහි අනු ශූරතාවත් තරගය විනාඩි 41:14:40 කින් තරගය නිමා කළ එම විදුහලේම මෙත්වා පනාන්දුට තෙවැනි ස්ථානයත් හිමි වූහ.

කාන්තා තරගයේදී විනාඩි 48:25:42 ක කාලයකින් තරගය නිමා කළ අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ෂෙහාරා අනුහංසිට එහි ශූරතාවත් තරගය විනාඩි 48:41:44ක කාලයකින් තරගය නිමා කළ අම්බලන්ගොඩ පජාපතීගෝතමී බාලිකා විදුහලේ දුනිති හෙසාරා ද සිල්වාට එහි අනු ශාරතාවත් තරගය විනාඩි 48:44:05ක කාලයකින් තරගය නිමා කළ සත්කාරක අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ අනර්කලී ද සිල්වාට එහි තෙවැනි ස්ථානයත් හිමිවූහ.


අදහස් (0)

මුහුදු පිහිනුම් ශූරතා අම්බලන්ගොඩ දේවානන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.