ලලිත් ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට නිලවරණ කමිටුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එම කමිටුවට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට තමා පියවර ගන්නා බව මේසපන්දු නිලවරණයේදී සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටින සෙසු අපේක්ෂකයා වන මන්සිල් මුතාලිබ් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
නිලවරණ කමිටුවේ ඇතැම් නිලධාරීන් මෙම තීරණය ගැනීමේදී ක්‍රීඩා නීතියට පටහැනි අයුරින් කටයුතු කර ඇති බවටත්, ඔවුන් ලියනගේ මහතා සමග ඇති පෞද්ගලික දැන හැදුනුම්කම් මත මෙම තීරණය ගෙන ඇති බවටත් මුතාලිබ් මහතා චෝදනා නගයි.
හිටපු ජාතික මේසපන්දු ක්‍රීඩකයෙක් වන මුතාලිබ් මහතා, මින් පෙර ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපතිවරයකු ලෙසද, මේසපන්දු තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.