Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මීගොඩ පාපැදි සවාරියේ ශූරයන්ට තෑගි කන්දරාවක්

මීගොඩ පාපැදි සවාරියේ ශූරයන්ට තෑගි කන්දරාවක්

editorial - 2024 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මීගොඩ එක්සත් ක්‍රීඩා සමාජයේ මෙහෙයවීමෙන් සංවිධානය කරන කිලෝමීටර 314ක් දුරැති මීගොඩ නිදහස් පාපැදි (රේසින්) සවාරිය අද (3) පෙරවරු 9ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලින් ආරම්භ වේ.

මෙය දෙදින පාපැදි සවාරියක් වන අතර අද කිලෝමීටර 168.5ක දුරක් ධාවනය කෙරෙන පළමු අදියර තරගය ගලේවෙල, ගොකරැල්ල, කුරුණෑගල, නාරම්මල,  දඹදෙණිය, ගිරිඋල්ල, අත්තනගල්ල, රුවන්වැල්ල, අවිස්සාවේල්ල, පුවක්පිටිය, කොස්ගම, කළුඅග්ගල, බෝපේ,  පාදුක්ක, හරහා පැමිණ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලින් නිමා කෙරේ.

තරගයේ දෙවැනි අදියර හෙට (4) එතැන් සිට කිලෝමීටර 146ක දුරක් ගෙවා අවසන් වන්නේ මීගොඩ, ගොඩගම ගලගෙදර, අංගම්පිටිය, බෝපේ, පාදුක්ක හරහා නැවත මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමෙනි.

ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ දෙකක් ප්‍රදානය කෙරෙන මෙහි 50 වැනි ස්ථානය දක්වා රුපියල් මිලියනයකට  ආසන්න මුදලක් ත්‍යාග ලෙස ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා පවසයි.


අදහස් (0)

මීගොඩ පාපැදි සවාරියේ ශූරයන්ට තෑගි කන්දරාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.