Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ ජය ලබති

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ ජය ලබති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී අයි.එෆ්.එස්. කණ්ඩායමට එරෙහිව ලකුණු 31-25 ක ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 17-08 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14 ක් එක්කර ගත්හ. දෙවනි අර්ධයේදී ලකුණු 17 ක් රැස්කිරීමට අයි.එෆ්.එස්. ක්‍රීඩිකාවන් සමත් වුවත්, පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය හේතුවෙන් මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.

මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 13 ක් රැස්කළ මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමේ නතාලි ද සිල්වා එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.


-036

 


අදහස් (0)

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.