Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මයිලෝ සුපිරි දැල්පන්දු කුසලාන කුරුණෑගලට

මයිලෝ සුපිරි දැල්පන්දු කුසලාන කුරුණෑගලට

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

අන්තර් පාසල් මයිලෝ ශූරතා කුසලාන සුපිරි දැල්පන්දු තරගාවලියේ ජය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමිවිය. මෙම තරගාවලිය සඳහා අන්තර් පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරගාවලියේ (2019) අවසන් වටයට තේරුණු කණ්ඩායම් 16 ක් සහභාගී වූහ.

බත්තරමුල්ල, පැලවත්ත ‘‘බුද්ධදාස’’ ක්‍රීඩාංගනයේදී තරගාවලිය පැවැත්වුණි. මෙරට පාසල් දැල්පන්දු ක්‍රීඩා පිටියේ ශූරතා දිනා ගැනීමෙන් නම්දරා සිටින කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන්ට මෙම සුපිරි අවසන් මහ තරගයේදී පරාජයට පත්වූයේ පාසල් දැන්පන්දු කෙළිබිමේ ඉදිරියට පැමිණෙමින් තිබෙන පාසලක් වන කොළඹ මියුසියස් විදුහලයි.
ශ්‍රී ලංකා පාසල් දැන්පන්දු, සංගමයේ මෙහෙවීමෙන් නෙස්ලේ ලංකා සමාගමේ ‘‘මයිලෝ’’ සන්නාමය යටතේ තරගාවලිය සංවිධානය කෙරුණි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්‍ෂමි වික්ටෝරියා මහත්මිය හා නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බන්දුල එගොඩගේ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජයසංකේත ප්‍රදානෝත්සවය සිදු කෙරුණි.


අවසන් පූර්ව වටය
● කොළඹ මියුසියස් විදුහල විසින් කුරුණෑගල මලියදේව බාලිකා විදුහල පරාජය කරන ලදී (14-08)
● කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කළුතර බාලිකා විදුහල් ‘‘බී’’ කණ්ඩායම පරාජය කරන ලදී (08-02)
● තෙවැනි ස්ථානය:- කළුතර බාලිකා විදුහල විසින් කුරුණෑගල මලියදේව බාලිකා විදුහල පරාජය කරන ලදී (12-11)
● අවසන් මහ තරගය- කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කොළඹ මියිසුයස් විදුහල පරාජය කරන ලදී (39-25)

ශූරතා සම්මාන
● හොඳම නැගී එන ක්‍රීඩිකාව:- හිරුණි හේෂානි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම) හොඳම පන්දු විදින්නිය:- භාෂි උඩගෙදර (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ), හොඳම පන්දු රකින්නිය:- නෙතුන්ශා ගුණරත්න (මියුසියස්), හොඳම මැද පෙළ ක්‍රීඩිකාව:- නෙතාෂා ඩයස් (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ)


අදහස් (0)

මයිලෝ සුපිරි දැල්පන්දු කුසලාන කුරුණෑගලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.