Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මයිලෝ ශූරියන්ගේ දැල්පන්දු හෙට

මයිලෝ ශූරියන්ගේ දැල්පන්දු හෙට

editorial - 2022 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘මයිලෝ’ ශූරියන්ගේ කුසලාන අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ අවසන් වටය හෙට (12) බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා වසර 2019 ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු තරඟාවලිය අවසන් වටයට නිර්දේශ වූ කණ්ඩායම් 16 ක් සහභාගි වේ.

වසර 16 ට ඉහළ 20 න් පහළ වයස් කාණ්ඩයන්ට ඇතුළත් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් මෙම අවසන් වටයට සහභාගි වේ.

වසර 2019 තරඟාවලියේ අවසන් අදියර වටයේදී දක්ෂතා දැක්වූ කණ්ඩායම් 16 ක් ඒ අතර තරඟාවලියට සහභාගී වේ.

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ සන්නාමයේ අනුග්‍රහය ලබා ගනිමින් මෙම තරඟාවලිය සංවිධානය කරයි. අවසන් මහ තරගය හෙට පස්වරු 3.30 ට පැවැත්වේ. අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික ක්‍රියාකාරකම්) දයා බණ්ඩාර, අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්ම මහත්මීහු ජයසංකේත ප්‍රදානෝත්සවය සඳහා ආරාධනා ලැබ සිටිති.

 

‘මයිලෝ’ ශූරයන්ගේ කුසලාන තරඟාවලියට සහභාගී වන පාසල් කණ්ඩායම්
මහනුවර උසස් බාලිකා, කළුතර බාලිකා, කොළඹ කාන්තා, කොළඹ ගෝතමී බාලිකා, බොරැල්ල දේවි බාලිකා, පන්නිපිටිය ධර්මපාල, අම්බලන්ගොඩ ධර්මාශෝක, දෙහිවල ප්‍රෙස්බිටීරියන් ජාතික, කුරුණෑගල මලියදේව, කොළඹ මියුසියස්, කොළඹ විශාඛා, කළුතර ශුද්ධ වූ පවුලේ බාලිකා, ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය, මහනුවර හිල්වුඩ් හා කැලණිය හෙලේනා විජයවර්ධන


අදහස් (0)

මයිලෝ ශූරියන්ගේ දැල්පන්දු හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.