Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මයිලෝ කුසලාන පාසල් දැල්පන්දු තරග ඉරිදා සිට

මයිලෝ කුසලාන පාසල් දැල්පන්දු තරග ඉරිදා සිට

editorial - 2022 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමස්ත ලංකා පාසල් ‘මයිලෝ’ කුසලාන දැල්පන්දු ශූරතා තරගමාලාව ඉරිදා (16) ගාල්ල දඩල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. මෙම 17-18 දෙදිනදීත් තරග මාලාව එහිදී පැවැත්වෙන අතර ඒ වයස් කාණ්ඩ හතරක් යටතේ තරග ඛාණ්ඩ දෙකකිනි.

‘ඒ’ කාණ්ඩය සඳහා සිසුන් දහසකට වැඩි පාසල් කණ්ඩායම් සහභාගි කර ගැනේ. සිසුන් දහසකට අඩු පාසල් කණ්ඩායම් සඳහා ‘බී’ කාණ්ඩය වෙන්කර තිබේ.

වයස 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ පරිදි වයස් කාණ්ඩ තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය ‘නෙස්ලේ’ ලංකා සමාගමේ ‘මයිලෝ’ සන්නාමය යටතේ 29 වැනි වතාවටත් තරගාවලියට අනුග්‍රහය දක්වයි.

මෙම දැල්පන්දු තරගමාලාව වසර 2019න් පසුව පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 2020 හා 2021 යන වසරවල ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලිය නොපැවැත්විණි.

මූලික වටයේ කලාප ජයග්‍රාහි කණ්ඩායම් තරගමාලාවේ අවසන් වටය සඳහා ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයට රැස්වෙද්දී ඔවුන්ගේ නවාතැන් පහසුකම් සඳහා ගාල්ල සවුත්ලන්ඩ්, සංඝමිත්තා ශ්‍රී හෘදය කන්‍යාරාමය, අනුලාදේවි බාලිකා යන විදුහල් හ තරක් වෙන් කර තිබේ.

තරගමාලාවේ සමාරම්භක උත්සවය ඉරිදා පෙරවරු 9ට අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම් (ගුණාත්මක සංවර්ධන) ඩබ්ලිව්.යූ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අවසන් මහ තරග සහ ජයසංකේත ප්‍රදානෝත්සවය අඟහරුවාදා (18) පස්වරු 3ට පැවැත්වීමට නියමිතය. ප්‍රධාන ආරාධිතයා වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.ජේ. රණසිංහ මහතාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) දයා බණ්ඩාර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් ක්‍රීඩා සංගම් විෂය භාර) දිල්රුක් ජයවර්ධන, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරුන් වන බන්දුල එගොඩගේ, රුවන් වැලිකල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක හා සමාප්ත උත්සවයන්හි විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වෙති.

 


අදහස් (0)

මයිලෝ කුසලාන පාසල් දැල්පන්දු තරග ඉරිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.