Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මඩාටුගම පාපැදි වීරයා සිහින

මඩාටුගම පාපැදි වීරයා සිහින

editorial - 2024 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය මඩාටුගම සමගි ක්‍රීඩා සමාජයේ මෙහෙයවීමෙන් සංවිධානය කළ මඩාටුගම පාපැදි තරගමාලාවේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි තරගාවලියේ වීරයා සම්මානය සිහින සත්සර ජයසුන්දරට හිමි විය. ඔහු අනුරාධපුර හැවනතැන්නේගම ප්‍රාථමික විදුහලේ සිසුවෙකි.

නව හැවිරිදි සිහින එහිදී වයස 11 න් පහළ, 12 න් පහළ හා 13 පහළ සහ බාලක ඉසව් තුනක ජයග්‍රහණ හිමිකර ගනිමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමය තරග විනිශ්චය කළේය.

මඩාටුගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාලිය ගන්දර, මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරිණි ශාන්ති පත්මලතා, අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම්, ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන ප්‍රියනාත්, සමගි ක්‍රීඩා සමාජයේ සභාපති සුමේධ ජයසුන්දර එහි ලේකම් තනුජා විමර්ශනී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය පැවැත්විණි.

 

තරග ප්‍රතිඵල
වයස 11 තරගය
1. සිහින සත්සර ජයසුන්දර, 2. එස්.එම්.ඩී. මලිදු හේෂාන්, 3. එස්.එම්. ඔනිජ ධනුෂ

වයස 12 පහළ තරගය
1. සිහින සත්සර ජයසුන්දර,  2. සිතුවම් මිස්සර පීරිස්, 3. ඒ.එම්.කේ.ටී. බස්නායක

වයස 13 පහළ තරගය
1. සිහින සත්සර ජයසුන්දර,  2. තමීර රුමිසඳ, 3. මලිදු නෙත්සර

වයස 14 පහළ තරගය
1. සදීප සඳරුවන්, 2. සිනෙත් සතිශ්ක, 3. සදෙව් කාමින්ග

වයස 15 පහළ තරගය
1. බාග්‍ය දසුන් සමරවීර, 2. කමීද් ඉරංග, 3. සදීප සඳරුවන්

වයස 16 පහළ තරගය
1. බාග්‍ය දසුන් සමරවීර, 2. එම්.ඩී. චේතන, 3. පී.ජී.එස්. ආදේෂ්

වයස 11 – 15 පහළ අතර (බාලිකා) තරගය
1. දිල්මි නටාෂා, 2. දිනුලි ශමල්කා, 3. වරුනි චත්මා දුල්මිනි

වයස 50න් ඉහළ (ප්‍රවීණයන්ගේ) තරගය
1. ඩබ්ලිව්. රොහිත, 2. සුසන්ත නින්තලාල්, 3. ටෙරන්ස් නික්සන්


අදහස් (1)

මඩාටුගම පාපැදි වීරයා සිහින
  • NtW සිල්වා Sunday, 25 February 2024 09:59 AM

    මේ වගේ දක්ෂතා ඇති දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා තවත් වැඩි දියුණු කර ගැනීමට රජය විසින් කුමන හෝ ක්‍රියාමාර්ගයක් සිදුකල යුතුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.