Last Update  :  2024-05-06 10:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බ්ලිට්ස් - රැපීඩ් චෙස් තරගාවලි මාර්තු 2 - 3 කොට්ටාවේදී

බ්ලිට්ස් - රැපීඩ් චෙස් තරගාවලි මාර්තු 2 - 3 කොට්ටාවේදී

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන කොළඹ දිස්ත්‍රික් යොවුන් බ්ලිට්ස් හා රැපීඩ් චෙස් තරගාවලි දෙක මාර්තු මස 2 සහ 3 දෙදින කොට්ටාව ආනන්ද විද්‍යාලයේදී පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගීවිය හැක්කේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි වයස 8න් පහළ, 10න් පහළ, 12න් පහළ සහ 16න් පහළ බාලක බාලිකාවන්ට පමණි.

කොළඹ දිස්ත්‍රික්කයේ වයස 16 න් පහළ හා 18 න් පහළ බාලක බාලිකාවන් සෘජුවම ශ්‍රී ලංකා යොවුන් බ්ලිට්ස් හා රැපීඩ් චෙස් තරගාවලි දෙක සදහා සුදුසුකම් ලබා ගන්නා බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කියයි.

පැවැත්වෙන තරගාවලි දෙකම තරග වට හතකින් සමන්විතය.එම තරග වට හතෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලි දෙකේම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබන අතර ඔවුනට රන් රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි.

 


අදහස් (0)

බ්ලිට්ස් - රැපීඩ් චෙස් තරගාවලි මාර්තු 2 - 3 කොට්ටාවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.