Last Update  :  2025-12-08 14:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බලපත්‍ර නැති එල්ලේ විනිසුරුවෝ තරග බිමේ

බලපත්‍ර නැති එල්ලේ විනිසුරුවෝ තරග බිමේ

editorial - 2025 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

එල්ලේ තරග සදහා ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය අනුමත නොකළ විනිසුරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා ජාතික තරුණ සේවා සභාවෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එල්ලේ ක්‍රීඩා පාර්ශවයක් තොරතුරු ඉල්ලා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඒ සම්බන්ධයෙන්  තොරතුරු ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් එහි තොරතුරු නිලධාරී - අධ්‍යක්ෂ (පාලන) එම්. කේ.රාජපක්ෂ මහතා හා ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති විමර්ෂණ) සරත් උක්වත්තගේ මහතා දැනුම්දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේම ඇතැම් නිලධාරීන් හවුල් කර ගනිමින් එල්ලේ තරගමාලා සදහා ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ අනුමැතිය ලබා නොගත් බලපත්‍ර රහිත පුද්ගලයන් ප්‍රධාන පෙළේ එල්ලේ තරග මාලාවල විනිසුරුවන් ලෙස යොදා ගන්නා බවට කාලයක් තිස්සේ මෙරට එල්ලේ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් කළ පැමිණිළි පිළිබදව සොයා බැලීමටවත් වගකිවයුතු පාර්ශව උනන්දු නොවූ බවට චෝදනා කරන එල්ලේ පාර්ශව ඒ නිසා ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමේ පනතෙන් තොරතුරු ඉල්ලා සිටීමට උනන්දුවී ඇතැයි වාර්තාවේ.

ඉතා මෑතදී පැවැති 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ එල්ලේ (කාන්තා) තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ බව කියන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුප් ගන්නා නිලධාරියකු පිළිබඳවත් එහිදී වාර්තාවී තිබේ.

ශ්‍රී ලංක එල්ලේ සම්මේලනය සංවිධානය කරන තරග ක්‍රීඩා මාලා සදහා ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ බලපත්‍රලාභී විනිසුරුවන් ලබා ගැනීම මේ සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදයයි.

එහෙත් එල්ලේ සම්මේලනයේ ඇතැම් නිලධාරීන්ගේම ආශීර්වාදයෙන් එම ක්‍රමවේදයෙන් බැහැරව කේෂ්ත්‍රයේ නොවන බාහිර පුද්ගලයන් විනිසුරුවන් ලෙස යෙදවීමෙන් ඇතැම් තරග මතභ්දාත්මකව නිමාවූ බවටද චෝදනා නැගේ.

කෙසේවූවත් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබේ.ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමය විසුරුවා හැරිය බවට සිය සම්මේලනය සමග මතභේද ඇති කර ගැනීමෙන් පසුව එල්ලේ සම්මේලනයේ එවකට සභාපතිවරයා වූ නාමල් සුරංග මහතා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් එය බැහැර කරමින් එල්ලේ විනිසුරු සංගමයේ සභාපති සිරිල් පෙරේරා මහතා පැවැසුවේ සිය සංගමය බාධාවකින් තොරව තවදුරටත් පවත්වා ගෙන යන බවයි.එහිදී සිරිල් පෙරේරා මහතා පැවැසුවේ නාමල් සුරංග මහතා එම ප්‍රකාශය කරන විටත් ඔහු සභාපති ධූරය දරමින් සිටි එල්ලේ සම්මේලනයේ නිල කාලය ඉකුත්ව තිබූ බවයි.

එල්ලේ විනිසුරු සංගමයේ සාමාජිකත්වය ලබා තිබෙන බලපත්‍රලාභි විනිසුරුවන් ගණන 100 කට වැඩි බව පැවසේ.මෙසේ එල්ලේ විනිසුරුවන් ලෙස නිල වශයෙන් පත්වීම් නොලැබූවන් ඇතැම් නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් ප්‍රධානතම තරගාවලි සදහා නිර්දේශ ලැබීමෙන් බලපත්‍රලාභී විනිසුරුවන්ට හිමි වරප්‍රසාද රැසක් ලබා ගන්නා බවද වාර්තා වේ.


අදහස් (0)

බලපත්‍ර නැති එල්ලේ විනිසුරුවෝ තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.