Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතාව බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට

පැසිපන්දු ශූරතාව බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට

editorial - 2024 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස්  පයස්)

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනය සංවිධානය කළ වයස 20න් පහළ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ ශූරතාව නොකඩවා හතරවැනි වරටත් අත් කර ගැනීමට බම්බලපිටිය ශුද්ධවූ  පවුලේ කන්‍යාරාමය සමත්විය.

එම විදුහල් පැසිපන්දු පිටියේ දී ඉකුත්දා පස්වරුවේ පැවැති අවසාන මහා තරගයේදී කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය තියුණු තරඟයකින් ලකුණු 49 - 58කින් පරාජය කිරීමට කාව්‍යා රියාල්ගේ නායකත්වයෙන් යුත් බම්බලපිටිය  ශුද්ධවූ  පවු‍ලේ කන්‍යාරාමය සමත්වීම විශේෂත්වයකි.

එම අවසාන තරගයේ පළමු අර්ධයේදී සොනාලි පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය, ලකුණු 23 -21 කින් ඉදිරියෙන් සිටීමද කැපී පෙනුණි.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරඟයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 28 - 43 කින්  පරදවා නුගේගොඩ ශාන්ත ජෝසප් විදුහල ජය අත් කර ගත්තේය.

 


අදහස් (0)

පැසිපන්දු ශූරතාව බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.