
(කටුනායක ටී.කේ.ජී.කපිල)
දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවැති 16 වැනි ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක්, රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සඳහා පදක්කම් 04 ක් ද දිනා අද (13) උදෑසන දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලිය අප්‍රේල් 28 සිට මැයි 11 දක්වා රටවල් 27ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400 ක පමණ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන්, ගුරු භවතුන්, සිසු සිසුවියන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.