Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි සම්මේලනයේ විනිසුරුවරු ආපසු යති

පාපැදි සම්මේලනයේ විනිසුරුවරු ආපසු යති

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අධ්‍යාපන අමාත්‍යාංශය අනුරාධපුරයේදී සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විනිසුරු මඬුල්ලට ආපසු හැරී යාමට සිදුවිය. ඊට හේතුවූයේ තරගාවලියේ විනිශ්චය කටයුතු මෙහෙයවීම ඒ වනවිටත් ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබීමය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම බලධාරියකුගේ මැදිහත්වීමෙන් පාපැදි සම්මේලනයේ විනිශ්චය මණ්ඩලයක් ඒ වනවිට තරගාවලියේ සේවය සඳහා අනුරාධපුරයට පැමිණ සිටි අතර එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් ඔවුන්ට උපදෙස් දුන්නේ පාපැදි විනිසුරුවන්ගේ සංගමය හා එකඟතාවකට පැමිණෙමින් ඔවුන් හා හවුලේ විනිශ්චය කටයුතුවලට සහභාගි වීම සම්බන්ධයෙන් සිය විරෝධයක් නොමැති බවයි. කොළඹින් අනුරාධපුරය බලා ගිය පාපැදි සම්මේලනයේ විනිශ්චය මණ්ඩලයට එහි ඉහළම නිලධාරියකු ඇතුළුව ක්‍රීඩා අමාත්‍යාංශයේ පාපැදි ව්‍යාපෘති නිලධාරියකුද ඇතුළත්ව සිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මේ වනවිට සභාපතිවරයකු නොමැතිව පවත්වාගෙන යයි. ඊට හේතු වී ඇත්තේ සභාපති ධුරය දැරූ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමය.

උපුල් චන්දන ප්‍රියනාත් මහතා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරය දරයි.

අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා සභාපති ධුරය දැරූ පාපැදි සම්මේලනයේ පැවති විධායක සභාව තවදුරටත් මෙරට නිල පාපැදි පරිපාලන ඒකකය ලෙස පිළිගනන්නා බව උපුල් චන්දන ප්‍රියනාත් මහතා කියයි.

 


අදහස් (0)

පාපැදි සම්මේලනයේ විනිසුරුවරු ආපසු යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.