Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි විනිසුරු මුල් පුටුව උපුල්ට

පාපැදි විනිසුරු මුල් පුටුව උපුල්ට

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරයට (2022-24) යළිත් උපුල් චන්දන ප්‍රියනාත් මහතා නිතරගයෙන් පත් විය.

මෙරට වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම පාපැදි තරගමාලා රැසක ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කර තිබෙන ක්ෂේත්‍රයේ අත්දැකීම් පිරිපුන් උපුල් චන්දන මහතා ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම් කීපයක කළමනාකරුවෙකු ලෙසත් කටයුතු කර තිබේ.

මෙතෙක් සභාපති ධුරය දැරීමේදී ඔහු මෙරට පාපැදි විනිසුරුවන් හා තීරකවරුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛතාවක් ගෙන කටයුතු කර තිබේ. මෙරට පාපැදි විනිසුරුවන් වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ ආවරණයක් හඳුන්වාදීමටද පුරෝගාමී විය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ තාක්‍ෂණික කමිටුවේ හිටපු ලේකම්වරයායි. මේ වන විට අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ හා අනුරාධපුරය ‘රංජිත් අනුර’ පාපැදි ක්‍රීඩා සමාජයේ ලේකම් ධුර දරයි.

 

ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ නව විධායක සභාව (2022-24)
සභාපති- උපුල් චන්දන ප්‍රියනාත් මහතා, ලේකම්- සරත් චන්ද්‍රරත්න මහතා, භාණ්ඩගාරික- සුමිත් බාලසූරිය මහතා, උප සභාපතිවරු- මහේෂ් උපාලි ධර්මසේන, ප්‍රියන්ත පෙරේරා, ජෝර්ජ් රුද්‍රිගු යන මහත්වරු, උප ලේකම්- නන්දන බණ්ඩාර, ප්‍රධාන සංවිධායක- චානක සිල්වා මහතා, අනු කමිටු සභාපතිවරු- වෛද්‍ය නිෂාන්ත කුලරත්න (විනය), සෙනරත් බණ්ඩාර/ මූල්‍ය) හා මර්වින් විමලසූරිය (සුබසාධන) යන මහත්වරුන්.

 

- 223


අදහස් (0)

පාපැදි විනිසුරු මුල් පුටුව උපුල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.