Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි ලේකම් පොලිසියට ලියයි

පාපැදි ලේකම් පොලිසියට ලියයි

editorial - 2024 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අනුමැතියකින් තොරව පැවැත්වෙන පාපැදි තරග සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සේවය ලබා නොදෙන ලෙස පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරි ආරච්චිගේ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ හා රථවාහන) ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

මෙම ලිපියේ පිටපත් වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථානය, නියෝජ්‍ය පොලිස්පති (රථවාහන – මාර්ග ආරක්‍ෂාව) හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

මෙම ලිපියෙන් නලින් අධිකාරිආරච්චිගේ මහතා කරුණු ගණනාවක් අවධාරණය කරමින් දක්වා ඇත්තේ පාපැදි සම්මේලනයේ අනුමැතිය නොලත් පාර්ශ්වයක් ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය නමින් හඳුන්වා ගනිමින් පොලිසියේ සේවය ද ලබාගනිමින් දිගින් දිගටම පාපැදි තරග සංවිධානය කරමින් සිටින බවයි.

ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය නමින් නීත්‍යනුකූලව පාපැදි සම්මේලනයේ අනුමැතියෙන් සංවිධානයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී එකී ව්‍යාජව පෙනී සිටින පාර්ශ්වය හුදෙක් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් යුතුව ගුණාත්මකභාවයෙන් තොරව පාපැදි තරග සංවිධානය කිරීමෙන් මෙරට පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් නිර්මාණය වෙමින් තිබෙන බවත් අධිකාරිආරච්චිගේ මහතා ලිපියෙන් පෙන්වා දී තිබේ.

එමගින් අවධාරණය කර ඇත්තේ මෙම මතභේදාත්මක පාපැදි තරග විනිශ්චයට සහභාගි කරගන්නා විනිසුරුවන් හා තීරකවරුන් සම්මේලනයේ අනුමත බලපත්‍රලාභීන් නොවන අය බවයි.

නලින් අධිකාරිආරච්චිගේ මහතාගේ ලිපියේ දැක්වෙන පරිදි මෙම සිදුවීමට සම්බන්ධ බව කියන සුමිත් බාලසූරිය හා චානක සම්පත් සිල්වා යන මහත්වරුන්ට එරෙහිව පාපැදි සම්මේලනය විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.


අදහස් (0)

පාපැදි ලේකම් පොලිසියට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.