Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පළමු අදියරේ ජය කෝඩුකාරයකුට

පළමු අදියරේ ජය කෝඩුකාරයකුට

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කිලෝමීටර් 654ක් දුරැති 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ කරමින් ඊයේ (3) කැලණි ගුවන් පාලම අසලින් නිල වශයෙන් ධාවනය ඇරඹූ එහි පළමු අදියර තරගයේ ජය සත්කාරක ගුවන් හමුදාවේ ක්‍රීඩක නදීෂ ඒෂාන්ට හිමිවිය.

ඒ ඔහු පළමු අදියර තරගයේ නිමාවට පත් වූ ගන්නොරුව නගරයට තත්පර හතරක වාසියකින් ඉදිරියට පැමිණීමෙනි. ඔහු ගන්නොරුවට ජයග්‍රායකයා ලෙස කිලෝමීටර 104.3ක් දුරක් ගෙවා දිනුම් කණුවට පැමිණෙන විට ඒ සඳහා ගත කර තිබූ කාලය පැය 2 විනාඩි 39 තත්පර 30කි.

​කොළඹ, නිට්ටඹුව, වේවැල්දෙණිය, කෑගල්ල, කඩුගන්නාව හරහා දුෂ්කර කඳු හා හෙල් කිහිපයක්ම තරණය කරමින් ඉදිරියට පැමිණි එෂාන් ඊයේ පළමු අදියර තරගය දෙවැනි ස්ථානයට නිමා කළ යුද හමුදා ක්‍රීඩක සඳරුවන් පින්තෝට වඩා තත්පර හතරක (පැය 2 විනාඩි 39. තත්පර 34) වාසියක් ඇතිකර ගනිමින් අද (4) වැනි අදියර තරගයට කහ කමීසය පැලඳ තරග වැදීමේ අවස්ථාව උදාකර ගෙන සිටියි.

ලබන බ්‍රහස්පතින්දා (7) දක්වා දින පහක් පුරා අදියර පහකින් මෙවර පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ ඊයේ ආරම්භයට එක්වූ තරගකරුවන් ගණන 128 දෙනෙකි. ඉන් ඊයේ අදියර 1 තරගය නිමා කළ 114 දෙනකු අතරින් 109 දෙනෙක් අද (4) දෙවැනි අදියර තරගයට නිර්දේශ ලබා සිටිති.

ඊයේ ආරම්භක දුෂ්කර ගමන් මගේ ධාවකයන්ගේ වේගය පැයට කිලෝමීටර 39.9ක සාමාන්‍ය අගයක් ගත් බව මෙම පාපැදි සවාරියේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා පවසයි.

ඉන්දියානු ගුවන් හමුදාවේ ක්‍රීඩකයෝ සිවු දෙනෙක් මෙවර තරගයට සහභාගි වී සිටිති.

කඳු තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රතු බිංදු කමීසය ඊයේ දිනාගත්තේ දෙහිවල – ගල්කිස්ස ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක රොවිඳු නමුදිත සොයිසාය. ඔහු අදියර – 1 තරගයේ තෙවැනි ස්ථානය අත්කර ගත් ක්‍රීඩකයායි.

අද තරගයේ දෙවැනි දිනයේ දෙවැනි අදියර ගන්නෝරුවෙන් පෙරවරු 8.30ට ආරම්භ වේ. ගමන් මග - අකුරණ, මාතලේ, හබරණ, පොලොන්නරුව හරහා කඳුරුවෙල නගරය දක්වා වේ. දෙවැනි අදියර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර 137.2ක අගයක් ගනියි. ගියවර තරගයේ සමස්ත ජයග්‍රාහකයා වූ තුෂාන් දයානන්ද ඊයේ පස්වැනි ස්ථානය ලැබීය.

25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය ගන්නොරුව දක්වා අදියර – 1 තරගයේ (කිලෝ මීටර 104.3) 10 වැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවන්

1. නදීෂ ඒෂාන් (ගුවන් හමුදාව – පැය 2 විනාඩි 39.30), 2. සඳරුවන් පින්තෝ (යුද හමුදාව 2.39.34), 3. රොවිඳු නමුදිත සොයිසා (දෙහිවල-ගල්කිස්ස 2.39.36), 4. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව 2.3939), 5. තුෂාන් දයානන්ද (යුද හමුදාව 2.39.40), 6. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව 2.39.40), 7. සුරංග රණවීර (දෙහිවල – ගල්කිස්ස) 2.39.40), 8. පසිඳු තිසේරා (යුද හමුදාව 2.40.24), 9. සුරේෂ් ප්‍රසංග (නාවික හමුදාව 2.40.28), 10. ෂෙනාල් චමෝද් (පොලිසිය 2.40.30)


අදහස් (0)

පළමු අදියරේ ජය කෝඩුකාරයකුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.