
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ඕමානයේ මස්කට් නුවර පැවති ආසියානු ආධුනික චෙස් කාන්තා තරගාවලියේ මොරටුව විශ්ව විද්‍යාලයේ පසිදී විජේසුරිය ලෝකඩ පදක්කම දිනා ගත්තාය .
ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු ආසියානු රටවල් පහළොවක ක්‍රීඩිකාවන් 51 දෙනෙකු තරග කළ මෙම තරගාවලිය මේ මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවර පැවැත්විණ .
මේ තරගාවලියේ රන් පදක්කම ඉරාන ක්‍රීඩිකාවක විසින් දිනාගන්නා ලදි. අනු ශුරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩිකාවක් විසින් හිමිකරගනු ලැබුවාය.
තරග වට නවයකින් සමන්විතවූ මේ තරගාවලියේදී ඉරාන ක්‍රීඩිකාව ලකුණු 8.00 ක්ද අනු ශුරතාව දීනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩිකාව ලකුණු 7.50 ක්ද තෙවැනි ස්ථානය දිනා ගත් පසිදී විජේසුරිය ලකුණු 7.00 ක් ද ලබා ගත්හ .
එහිදී විජේසුරිය තරග වට නවයෙන් ලබාගත් ලකුණු 7.00 පකිස්තානය, ඕමානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් පහේ ක්‍රීඩිකාවන් හත්දෙනෙකු පරාජය කරමින් ලබා ගත්තාය .ඉන්දියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩිකාවන්ට පරාජයවීමෙන් ඇය ලකුණු දෙකක් අහිමි කර ගත්තාය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.