Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිදහස් උදාන පාපැදි සවාරිය 4 දා

නිදහස් උදාන පාපැදි සවාරිය 4 දා

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස්)

ශ්‍රී ලංකාවේ පැරණිතම පාපැදි සංගමය වන වත්තල ෆ්ලයින්වීල් පාපැදි  සංගමයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ද සහයෝගය  ඇතිව හත් වන වරටත් සංවිධානය කරන " නිදහස් උදාන සැමරුම් ෆ්ලයින්වීල් ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය "  76 වැනි නිදහස් සමරු දින (පෙබරවාරි 04 දා) පෙරවරු 8.30ට වත්තල සෙලාන් බැංකුව ඉදිරිපිටින් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

 ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය,  හරින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාවේ පූර්ණ අනුග්‍රහය මෙවර මෙම පාපැදි සවාරියට හිමිව තිබීම  විශේෂත්වයකි. 

කිලෝමීටර 130 ක් දුරැති මෙම පාපැදි සවාරියේ විවෘත තරඟයට වයස අවුරුදු 17 ත් 50ක් අතර තරගකරුවන්ට හා වයස අවුරුදු  50 න් ඉහළ තරඟකරුවන්ට ජ්‍යෙෂ්ඨ පාපැදි තරගයට සහභාගි විය හැකි බැව් ප්‍රධාන සංවිධායක කරුණාරත්න පෙරේරා මහතා තොරතුරු අනාවරණය කර සිටියේය. 

විවෘත තරඟය වත්තල සෙලාන් බැංකුව ඉදිරිපිටින් ආරම්භ කර හැඳල මංසන්ධිය හරහා  මහබාගේ, කඳාන ජාඇල, තුඩැල්ල මංසන්ධියෙන් වමට හැරී බෝපිටි,  පමුණුගම  වැල්ලබඩ හරහා උස්වැටකෙයියාව, දික්ඕවිට, ඇලකන්ද හේකිත්ත හරහා ගාල හන්දියෙන් වමට හැරී ආරම්භක ස්ථානය පසුකර වට හතරක් සම්පූර්ණ කළ යුතුය. 

ජ්‍යෙෂ්ඨ  තරඟය, විවෘත තරඟය ආරම්භ කොට විනාඩි දහයකින් පසුව ආරම්භ කර අදාළ වට දෙකක් සම්පූර්ණ කළ යුතුය.

විවෘත තරඟයේදී පළමුවන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා පිළිවෙලින්  මුදලින් රු 150,000 ක්, රු 100,000 ක්, රු 75,000 ක්, රු 50,000 ක්, රු 40,000ක් සහ රු 30,000ක්  බැගින්ද, 7 වැනි  ස්ථානයේ සිට 10 වැනි  ස්ථානය දක්වා රුපියල් 20,000 බැගින්ද, 11 වැනි ස්ථානයේ සිට 15 වැනි  ස්ථානය  දක්වා රුපියල් 15,000ක් බැගින්ද, 16 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා රුපියල් 10,000ක් බැගින්ද  හිමිවෙයි.

ජ්‍යෙෂ්ඨ තරඟයේදී පස්වැනි  ස්ථානය දක්වා පිළිවලින් රු 25,000ක්, රු 20,000 ක්, රු 15,000ක්,  රු 10,000 ක් සහ රු 5,000ක් බැගින් මුදල් ත්‍යාග ලබාදීමටද කටයුතු යොදා ඇත.

තරග අවසානයේදී ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය, හරීන් පුනාන්දු මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර ජයග්‍රාහී පාපැදිකරුවන් අදාළ අංකය සහිත නිල ඇඳුමින් සැරසී සිටිය යුතු බවට පුධාන  සංවිධායකවරයා වැඩි දුරටත්  අවධාරණය කර සිටියේය.


අදහස් (0)

නිදහස් උදාන පාපැදි සවාරිය 4 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.