Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු කුසලාන කුරුණෑගලට

දැල්පන්දු කුසලාන කුරුණෑගලට

editorial - 2024 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ටොරින්ටන් පෙදෙසේ (බොරැල්ල) ඩී.එස්. සේනානායක විදුහල් පිටියේ දී නිමාවට පත් වූ ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ (2023) ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික් ‘‘ඒ’’ කණ්ඩායම (නෙට්චෑම්ප්) විසින් දිනා ගන්නා ලදී. ඒ අවසන් මහා තරගයේ දී මහනුවර දිස්ත්‍රික් ‘‘ඒ’’ කණ්ඩායම (හිල්වුඩ්) ලකුණු 25/17 කට පරාජය කරමිනි.

කණ්ඩායම් 27ක් තරගාවලියට එක්ව සිටියහ. ජාතික කනිෂ්ඨ හා අන්තර් පාසල් දැල්පන්දු ශූරතා රැසක් පසුගිය වසර ගණනාවක් පුරා දිනා සිටින කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රාහී කුරුණෑගල දිසා ‘‘ඒ’’ කණ්ඩායම සමන්විත විය. ගිය වරත් (2022) ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාව දිනා ඇත්තේ ඔවුන් විසින්ම වන අතර මෙවර අනුශූරතාව ලද මහනුවර දිසා ‘‘ඒ’’ කණ්ඩායම මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත විය. 

අවසන් පූර්ව තරග වටයේ දී කුරුණෑගල ‘‘ඒ’ කණ්ඩායම වෙතින් ශ්‍රී ලංකා පාසල් ‘‘බී’’ කණ්ඩායමත් (26/12) හා මහනුවර දිසා කණ්ඩායම වෙතින් කුරුණෑගල දිසා ‘‘බී’’ කණ්ඩායමත් (18/15) පරාජයට පත් වූහ. 

අවසන් පූර්ව පරාජිතයන් දෙපිල අතර පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගය ලකුණු 34/30කට ජය ගත්තේ කුරුණෑගල ‘‘බී’’ කණ්ඩායමයි. එහිදී ක්‍රීඩිකාවෝ බහුතරයක් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියෝ වූහ. 

මෙවරත් ශූරතාව දිනාගත් හා තෙවැනි ස්ථානය ලද කණ්ඩායම් දෙකේම ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස හිටපු ජාතික කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකාරිනියක්ද වන අමල්කා ගුණතිලක මහත්මිය කටයුතු කළාය. ඇය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ නිත්‍ය දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස දශකයකයටත් අධික කාලයක් පුරා කටයුතු කරමින් සිටියි. 

ඇගේ දියණිය වන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ වත්මන් නායිකා දුලංගි වන්නිතිලක හා ගුණතිලක මහත්මියගේ සැමියා වන ආනන්ද වන්නිතිලක මහතා එහිදී සහය පුහුණුකරුවෝ ලෙස කුරුණෑගල ‘‘ඒ’ හා ‘‘බී’’ කණ්ඩායම් මෙහෙය වූහ.

අවසන් මහ තරගයේ දී කුරුණෑගල ‘‘ඒ’’ කණ්ඩායම වට හතරේ දී ලකුණු 6/5 – 9/2 – 6/5 – 4/5 ක් ලෙස වට තුනකදීම පෙරමුණ ගත්හ. 

ඩයලොග් ආසියාටා සමාගම තරගාවලියට අනුග්‍රහය දැක් වූ අතර ජයසංකේත ප්‍රදානෝත්සවය එහි උප සභාපති (අලෙවි හා මාධ්‍ය) හර්ෂ සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 

ආසියානු දැල්පන්දු කුසලාන ශ්‍රී ලංකාව දිනා ගැනීමේ දී ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය, තිලකා ජිනදාස මෙනවිය හා කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපතිනි යස්මින් ධර්මරත්න යන මහත්මිය ඇතුළු විශේෂ ආරාධිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

දැල්පන්දු රැජින ලෙස ආර්.එම්.සී. නිෂාදි (කුරුණෑගල- ‘‘ඒ), දක්‍ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස බී.ඒ. දේවසිංහ ද (කුරුණෑගල- ‘‘බී) දක්‍ෂතම පන්දු රකින්නිය ලෙස කවිඳි ආතාවුද (මහනුවර- ‘‘ඒ) ද විශේෂ සම්මාන ලැබූහ. 

විනිසුරු පුහුණුකාරිණි ගංගා උස්වත්ත මහත්මියගේ අධීක්‍ෂණයෙන් ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් සිව් දෙනෙකුගේ මෙහෙයවීමෙන් තරගාවලියේ විනිසුරු මඩුල්ල ක්‍රියාත්මක විය. 

 

දැල්පන්දු රැජිණි සම්මානය දිනාගත් ආර්.එම්.සී. නිෂාදි ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය අතින් ශූරතා කුසලා ලබාගත් අයුරු.. 


අදහස් (0)

දැල්පන්දු කුසලාන කුරුණෑගලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.