Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ශනුක අරවින්ද - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 40-23 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඬේවිඞ් පීරිස් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 13-10 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 27 ක් එක්කර ගත්හ. ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩිකාවන්ට දෙවනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.

මෙම තරගය කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 19 ක් රැස්කළ ඬේවිඞ් පීරිස් කණ්ඩායමේ තරුෂිකා අල්විස් එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

-036

 


අදහස් (0)

ඩේවිඩ් පීරිස් ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.