Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජිම්නාස්ටික් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ජිම්නාස්ටික් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී  ලංකා ජිම්නාස්ටික් සංගමය පළමු වතාවට සංවිධානය කරන ආධුනික ‘එරොබික්’ ජිම්නාස්ටික් තරගාවලිය සඳහා පෙබරවාරි 15 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවේ. මෙම තරගාවලිය පෙබරවාරි 24-25 සහ මාර්තු 2-3 යන දිනවල කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහලේ දී පැවැත්වේ.

වයස 9න් පහළ සිට 14 න් පහළ කාණ්ඩය දක්වා ආධුනික බාලක බාලිකාවන්ට මෙම තරගාවලිය විවෘතය.

තරගාවලිය කේවල, මිශ්‍ර, ත්‍රිත්ව හා කණ්ඩායම් යන කාණ්ඩ යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

අයැදුම්පත් ලේකම්, ජාතික ජිම්නාස්ටික් සංගමය, අංක 33 ටොරින්ටන් චතුරශ්‍රය, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය. 

තරගාවලිය පිළිබඳව 0715-124144 යන වට්ස් ඇප් දුරකතනය ඔස්සේ විමසීම් කළ හැකිය. 

- 223 


අදහස් (0)

ජිම්නාස්ටික් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.