Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික වුෂූ ශූරතා තරග මාර්තු 10 සිට මහරගමදී

ජාතික වුෂූ ශූරතා තරග මාර්තු 10 සිට මහරගමදී

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 18 වැනි ජාතික වුෂූ තරගාවලිය මාර්තු මස 10, 11, 12 හා 13 යන දිනවලදී මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ. තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා, යෞවන කටයුතු හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද විශේෂ ආරාධිතයා ලෙස චීන තනාපති චි චෙන්හොං මහතා ද සහභාගී වෙති.

තරගාවලියේ කණ්ඩායම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය මාර්තු 10 වන දින පෙ.ව.10.00ට ආරම්භ වේ. 

තරගාවලියේ තාඔලු (නර්තන අංශය) තරග දුෂ්කර අභ්‍යාස ඉසව්, තුන්වන අන්තර්ජාතික වුෂූ ඉසව් ලෙස කොටස් 2කින් යුක්ත වේ. මීට අමතරව පිළිගත් ජාත්‍යන්තර කුංග්-ෆු (සාම්ප්‍රදායික වුෂූ) ඉසව් ද පැවැත්වේ. තාඔලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස 16 ඉක්මවිය යුතු අතර, සාම්ප්‍රදායික ඉසව් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වයස් සීමාවක් බල නොපැවැත්වේ. 

පිරිමි සන්දා (ද්වන්ධ සටන්) අංශයේ තරග කි.ග්‍රෑ. 48 සිට කි.ග්‍රෑ. 90 දක්වා බර පංතීන් 11 කින් යුක්ත වන අතර, කාන්තා සන්දා ඉසව් කි.ග්‍රෑ. 48 සිට කි.ග්‍රෑ. 75 දක්වා බර පංති 07කින් යුක්ත වේ. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස අවුරුදු 18 සපුරා තිබිය යුතු අතර, වයස අවුරුදු 40 නොඉක්මවිය යුතුය.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ගෙන් මෙවර ජාතික වුෂූ පුහුණු සංචිතය යළි අරඹන බව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය නිවේදනය කරයි. 

ඔවුන් අතරින් තේරීම් තරග ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම අප්‍රේල් මස 21 සිට 26 වැනිදා දක්වා චීනයේ ජියාංශු පළාතේ පැවැත්වෙන අතිරේක ලෝක වුෂූ ශූරතාවලියටත්, සැප්තැම්බර් මාසයේදීම චීනයේ මැකාවෝහි පැවැත්වෙන ආසියානු වුෂූ ශූරතාවලියටත්  සහභාගීවීමට අවස්ථාව හිමි වේ. 

දුරකථන අංක 0773-500075 ඇමතීමෙන් තරගාවලියේ විස්තර ලබාගත හැක.


අදහස් (0)

ජාතික වුෂූ ශූරතා තරග මාර්තු 10 සිට මහරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.