Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික චෙස් ශූරතාවලිය සඳුදා සිට

ජාතික චෙස් ශූරතාවලිය සඳුදා සිට

editorial - 2024 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
 
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය සඳුදා (25) සිට මාර්තු 31 දක්වා කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
 
තරගාවලිය කාන්තා සහ පිරිමි ලෙස පැවැත්වෙන අතර මේ තරගාවලියට සහභාගී විය හැක්කේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු අනුව තෝරාගත් සහ ශ්‍රී ලංකා ජාතික ‘බී‘ චෙස් ශූරතාවලියෙන් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි. ඒ අනුව පිරිමි හා කාන්තා තරගාවලි දෙක සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනා බැගින් තෝරාගෙන තිබේ.
 
පිරිමි තරගාවලිය මෙන්ම කාන්තා තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනාම සිය තරග ඉසව්වේ අනෙක් සෑම තරගකරුවකු සහ තරගකාරියක සමග තරග වැදිය යුතුය. ඒ අනුව මේ තරගාවලි දෙකම තරග වට 13 කින් සමන්විතය.
 
දැනට ශ්‍රී ලංකා ජාතික චෙස් කිරුළ දරා සිටින කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ලොකුගේ, ශ්‍රී ලංකාවේ හිටපු ජාතික ශූරයන්වූ රනිඳු දිල්ෂාන් සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න තිදෙනාම මෙම තරගාවලියේදී තරග වදිති. 
 
මේ තරග වට 13 න් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත 2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා සහ ශූරිය තෝරා ගනු ලබති.  තරගාවලියේ ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියනයකි.
 
මීට අමතරව ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් සදහා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් වලට අමතරව සහතික පත්‍ර සහ කුසලාන පිරිනමනු ලැබේ.

අදහස් (0)

ජාතික චෙස් ශූරතාවලිය සඳුදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.