Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කණිෂ්ට දැල්පන්දු හෙට සිට

ජාතික කණිෂ්ට දැල්පන්දු හෙට සිට

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු (නෙට්බෝල්) ශූරතා තරගාවලිය (2023) කණ්ඩායම් 39කගේ සහභාගිත්වයෙන් හෙට (17) පෙරවරු 9ට කොළඹ ටොරින්ටන් පෙදෙස ඩී.එස්. සේනානායක විදුහල් පිටියේදී ආරම්භ වේ. අනිද්දාත් (18) පැවැත්වෙන මෙම තරගාවලිය හෙට පස්වරු 4ට පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත්වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය 2023 වසරට පවත්වා නිමා කළ යුතු තරගාවලිය මෙසේ හෙට පවත්වා අවසන් කෙරේ.

මේ සඳහා සහභාගි වන දැල්පන්දු කණ්ඩායම්වලට ඇතුළත් වන්නේ 2004 වසරේදී හෝ එයින් පසුව උපන් වයස 20න් පහළ ක්‍රීඩිකාවන්ය. දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පවසන්නේ ලබන වසරේදී (2023) පැවැත්වීමට අපේක්ෂිත ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය හා ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානම් කිරීමේදී දක්ෂතාවලින් හෙබි මෙරට ක්‍රීඩිකාවන් කල් තියා හඳුනා ගැනීමේ තේරීම් පරීක්ෂණයක් ලෙසත් අද ආරම්භ වන ජාතික යොවුන් දැල්පන්දු තරගාවලිය යොදා ගන්නා බවයි.

තරගාවලියේ තරග විනිශ්චය සඳහා ‘ඒ’ ශ්‍රේණියට සමත්ව සිටින දැල්පන්දු විනිසුරුවන් පිරිසකගේ සේවය ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් සිව් දෙනකුගේ අධීක්ෂණය යටතේ ලබා ගැනීමත් එහිදී තීරණය වී තිබේ.

මේ අතර මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල්, මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, ඩයලොග් ආසියාටා සමාගමේ උපසභාපති (මාධ්‍ය හා ලාංඡන, සමූහ අලෙවි) හර්ෂ සමරනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ. 

සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දැල්පන්දු කුසලතා දිනා දුන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම් මෙහෙයවූ හිටපු ජාතික දැල්පන්දු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් වන හයිසින්ත් විජේසිංහ, තිලකා ජිනදාස, සකුන්තලා විජේතුංග, තමරා ලියනගේ හා යසා රාමචන්ද්‍ර යන මහත්මීන් විශේෂ ආරාධනා ලැබ සිටිති.

තරගාවලිය සඳහා එක් සාමාජික සංගමයකින් උපරිම කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.


අදහස් (0)

ජාතික කණිෂ්ට දැල්පන්දු හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.