Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික අයෝමය ශූරයා තේරීම වැලිසර දී

ජාතික අයෝමය ශූරයා තේරීම වැලිසර දී

editorial - 2024 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජාතික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය අප්‍රේල්  5 වැනිදා වැලිසර නවලෝක එළිමහන් ක්‍රීඩංගණයේ දී පැවැත්වේ. එදින පෙරවරු 8.30 සිට මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් මහ තරග පස්වරු 2.30ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය 75 වැනි (දියමන්ති ජුබිලි සංවත්සරය) වතාවටත් ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය සංවිධානය කිරීමේදී ඒ සඳහා අනුග්‍රහය දරන්නේ රන්දීර් රුද්‍රිගු පදනම විසිනි.

ඒ හැරෙන්නට වයස 23න් පහළ ක්‍රීඩකයන් සඳහා කිලෝග්‍රෑම් 70 සහ 70ට වැඩි බර පංතින් දෙකකින් සමන්විත කනිෂ්ඨ ඉසව් දෙකක්ද තරගාවලියට ඇතුළත්ය.

ජාතික අයෝමය ශූරයා ලෙස තේරෙන තරගකරුට රුපියල් ලක්ෂ දෙකක් ද, අනුශූරයාට රුපියල් 150000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක් එහිදී ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. ශූරයන් ඇතුළු තෙවැනි ස්ථාන දක්වා පැමිණෙන ක්‍රීඩකයන්ට කුසලාන හා රන් රිදී ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරේ.

කායවර්ධන සම්මේලනයේ ලියාපදිංචි සාමාජික ක්‍රීඩා සමාජ 355 කට පමණ මෙවර තරගකරුවන් ඒ සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා පැවසුවේ මෙවර ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ ජයග්‍රහණයන් ඇතුළුව බර පංතින් ඉසව් තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන ක්‍රීඩකයන් ජාතික කායවර්ධන පුහුණු සංචිතයට නිර්දේශ කර ගන්නා බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 60, 65, 70, 75, 80, 85, 90 යන බර පංතීන්ගෙන් හා විවෘත ඉසව්වේ තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන ක්‍රීඩකයන්ට ලබන ජුලි මාසයේ මොන්ගෝලියාවේ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන ආසියානු ශූරතා කායවර්ධන තරගාවලිය ඉලක්ක කරමින් කැඳවෙන ජාතික සංචිතය සඳහා ඇතුළත්වීමට වරම් ලබති.

සම්මේලනයේ ලේකම් කේ.ඩබ්. ද සිල්වා, උපසභාපති නිහාල් වීරතුංග, භාණ්ඩාගාරික සිසිර සමන්සිරි, උපලේකම් කසුන් චතුරංග, සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන තිලක් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


අදහස් (0)

ජාතික අයෝමය ශූරයා තේරීම වැලිසර දී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.