Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාත්‍යන්තර චෙස් තරගවලිය 20 වැනිදා සිට

ජාත්‍යන්තර චෙස් තරගවලිය 20 වැනිදා සිට

editorial - 2022 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය සංවිධානය කරනු ලබන 6 වැනි නිගම්බු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගවලිය ඔක්තෝම්බර් මස 20 සිට 24 දක්වා මිගමුව නගර සභා ශාලාවේදී පැවැත්වේ .

තරගාවලිය තරග වට නවයකින් සමන්විතය. ආරම්භක දිනය වන 20 සිට 23 දක්වා දිනකට තරග වට දෙක බැගින් තරග වට අටක්ද අවසාන දිනය වන 24 වැනිදා එක තරග වටයක්  ද පවත්වා තරගාවලිය නිමාවට පත් කෙරේ .

තරගාවලියට සහභාගිවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුවේ තමන්ට වැටෙන ක්‍රීඩක ක්‍රීඩිකාව සමග තරග කල යුතු අතර එයින් ලබා ගන්න ලකුණු මත තරගාවලියේ විවෘත හා කාන්තා ශුරතාවල ජයග්‍රාහකයන් තෝරා ගනු ලැබේ.

ලකුණු පදනම් කරගෙන ඒ ඒ වයස් කාණ්ඩවල පිරිමි හා කාන්තා ජයග්‍රාහක , ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබන අතර ශ්‍රේණිගත ලකුණු ලැබුවන් අතර ජයග්‍රාහකයින් තෝරාගනු ලබනුයේද එම ක්‍රමවේදයටමය .

තරගාවලියේ  ශුරයාට මුදලින් රුපියල් 100,000 ද අනු ශුරයාට මුදලින් රුපියල් 50,000 ද තෙවැනි ස්ථානයට රුපියල් 30,000 ද හතර වැනි ස්ථානයේ සිට පස් වැනි ස්ථානය දක්වා මුදලින් රුපියල් 10,000 ද හය වන ස්ථානයේ සිට දස වැනි ස්ථානය දක්වා මුදලින් රුපියල් 7,000 ද පිරිනමනු ලබයි .

ශුරියට මුදලින් රුපියල් 20,000 ද අනු ශුරියට මුදලින් රුපියල් 15,000 ද තෙවැනි ස්ථානයට මුදලින් රුපියල් 10,000 ද පිරිනමනු ලබන අතර වයස් කාණ්ඩවල හා අනෙක් ශේෂවූ ඉසව්වල ශුරයින්ට හා ශුරියන්ට මුදල් ත්‍යාග පිරිනැමේ .

මිට අමතරව සෑම තරග ඉසව්වකම ජයග්‍රාහක, ජයග්‍රහිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි .

රටේ පැවතී අයහපත් වාතාවරණයන් නිසා වසර දෙකකින් පමණ පසුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය වන මේ තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක්ම සහභාගිවන බව තරග සංවිධායකයෝ පැවසුහ .


අදහස් (0)

ජාත්‍යන්තර චෙස් තරගවලිය 20 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.