Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චමීර - බිමන්දි ශූරතා දිනති
සමස්ත ලංකා මේසපන්දු

චමීර - බිමන්දි ශූරතා දිනති

editorial - 2024 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමුව පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේද, විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාරද සමත් වූහ. 

පිරිමි අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉමන්ත උදංජය පරාජය කරමින් චමීර එම ශූරතාවට හිමිකම් කීවේය. බිමන්දි ඊට හිමිකම් කීවේ කාන්තා අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ජී.එස්.එම්. මේසපන්දු විද්‍යායතනයේ මනීෂා ශලින්දි පරාජය කරමිනි. 

බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දින 3 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූ අතර එහිදී 11 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේද තරග පැවැත්විණ.  

ස්කොට්ලන්තය සහ වේල්සය යන රටවල මේසපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වත්මන් මේසපන්දු පුහුණුකරු ලෙසද කටයුතු කරන ‘ලී චාඕ’ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි විය. 

විවෘත පිරිමි 
චමීර ගිණීගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 3-0 ක් ලෙස ඉමන්ත උදංජය (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (11/06, 11/07, 11/06) 

විවෘත කාන්තා 
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් බාලික විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස මනීෂා ශලින්දි (ජී.එස්.එම්. මේසපන්දු විද්‍යායතනය)  පරාජය කරන ලදි. (13/11, 11/03, 11/08) 

- 036


අදහස් (0)

චමීර - බිමන්දි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.