Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

Nisanka Sandeepani - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 50-19 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය. 

පළමු අර්ධය අවසානයේ ලකුණු 25-08 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 25 ක් එක්කර ගත්හ. නේෂන් ට්‍රස්ට් ක්‍රීඩිකාවන්ට දෙවනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. 

මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 14 ක් රැස්කළ කොමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ප්‍රසාදි ෆොන්සේකා එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. 

-036 


අදහස් (0)

කොමාර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.